gossiplanka alexa කොළඹ කො‍ටුව පොලීසියටත් කොරෝනා පැතිරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොළඹ කො‍ටුව පොලීසියටත් කොරෝනා පැතිරේ

කොළඹ කො‍ටුව බස්නාහිර පළාත් විශේෂ පොලිස් විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂකවරයෙකුට නවකොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනව.

මේහේතුවෙන් එම පොලිස් ස්ථානයේ රාජකාරි තාවකාලිකව අත් හි‍ටුවා ඇති බවයි වාර්තා වන්නේ. කො‍ටුව පොලිස් ස්ථානයෙන් සිදු කිරීමට අවශ්‍ය රාජකාරි කොම්පඤ්ඤවිදිය සහ පිටකොටුව පොලිස් ස්ථානවලින් සිදු කර ගැනීමට හැකියාව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කරනවා.

විමර්ශන ඒකක්යේ සියළු නිලධාරීන් මේ වන විට නිරෝධායනයට ලක් කර ඇති අතර කොටුව පොලිස් ස්ථානයේ නිලධාරින් 48ක් එම පොලිස් ස්ථානය තුලදීම නිරෝධායනයට ලක් කර තිබෙන අතර පොලිස් ස්ථානයට අනියුක්තව සිටි අනෙක් නිලධාරින් පොලිස් බැරැක්ක තුලදීම ස්වයං නිරෝධායනයට ලක්කීරිමට පියවර ගෙන තිබෙනවා.

සෞඛ්‍ය උපදෙස් පරිදි අද දිනයේ දී කො‍ටුව පොලිස් ස්ථානය සම්පූර්ණයෙන් විෂබීජහරණයට ලක් කර වෙනත් පොලිස් ස්ථානවලින් නිලධාරීන් යොදවා යළිත් සේවාවන් ඇරඹීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu