Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

කොරොනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ දිවුලපිටිය ප්‍රදේශයේ කාන්තවගේ 16 හැවිරිදි දැරියට ද කොරෝනා වෛරසය අසාදනය වීඇති බව තහවුරු වී තිබෙනවා. 

අද (04) වන දින හබරාදූව නිරෝධායන මධ්‍යස්ථානයේ දී සිදුකල පරීක්ෂණ මඟින් මේ බව අනාවරණය වී ඇති අතර මේ වන විට එම දැරිය කොළඹ අයි.ඩී.එච් රෝහල වෙත යැවීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

කොරෝනා ආසාදිත 39 හැවිරිදි ඇගළුම් සේවිකාවගේ සැමියා සහ දරුවන් 04 දෙනාට අද දින පී.සී.ආර් පරීක්ෂණ සිදු කර ඇති අතර අනෙක් සියළු දෙනාට වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී ඇතැයි හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පවසනවා.

මේ අතර වැඩබලන සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය එස්. ශ්‍රීධරන් මහතා ගම්පහ දිස්ත්‍රික් ජනතාවට දැනුම් දී සිටින්නේ යම් පුද්ගලයෙකුට උණ රෝගය ඇත්නම් වහාම ළඟම ඇති රෝහල වෙත ගොස් පී.සී.ආර් පරීක්ෂණය සිදු කර ගන්නා ලෙසයි.


Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page