gossiplanka alexa කොරෝනා ආසාදිත කාන්තාව නිසා රට තුළ නැවතත් උණුසුම් තත්ත්වයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොරෝනා ආසාදිත කාන්තාව නිසා රට තුළ නැවතත් උණුසුම් තත්ත්වයක්

කො
රෝනා ආසාදිතයැයි හඳුනාගත් දිවුලපිටියේ කාන්තාව සේවය කල ඇගළුම් කර්මාන්ත ශාලාව මුද්‍රා තැබිමට කටයුතු යොදා තිබෙනවා. මෙසේ මුද්‍රා තබා ඇත්තේ යකාදූව ප්‍රදේශයේ පිහිටි බ්‍රැන්ඩික්ස් ඇඟළුම් ආයතනයයි.
 
කොරොනා ආසාදිතයැයි හඳුනාගත් කාන්තාවට වයස අවුරුදු 39ක් වන අතර එම කාන්තාව උණරෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබා නිවසට පැමිණි පසු සිදු කල පරික්ෂාවලින් කොරෝනා ආසාදිතයැයි හඳුනාගෙන තිබෙනවා.

ඇය මේ වන විට කොළඹ ජාතික උණ රෝහලට ඇතුළත් කර ඇති අතර ඇයගේ ආශ්‍රිතයින් පිළිබඳව මේ වනපිට පුළුල් පරීක්ෂණ සිදුකරනවා. 

මෙම ඇගළුම් සේවිකාව සේවය කල ගොඩනැගිල්ලේ තවත් සේවක සේවකාවන් 400 පමණ සේවය කර ඇති බවට වාර්තාවනවා. ඇය සමඟ එකම බස් අථයේඅ ගමන් ගන්නා  40පමණ පිරිසක් මේ වන විට නිරෝධායනයට යොමු කර තිබෙනවා.

මේ අතර මෙම සේවිකාව සේවය කල බ්‍රැන්ඩික්ස් ආයතනයේ පාලනාධිකාරියනිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ සෞඛ්‍ය බලධාරීන්ගේ ලැබුණු සහයෝගය හේතුවෙන් රෝගියා කල්තියා හඳුනාගැනීමට හැකි වූබවයි. බලධාරීන්ට අවශ්‍ය සියළුම සහයෝගය මේ සම්බන්ධයෙන් ලබා දෙන බව ද කර්මාන්තශාලාව විෂබීජහරණය කර වෛරසය සම්පූර්ණයෙන් පාලනය කිරීමට අවශ්‍ය පියවර ක්ෂණිකව ක්‍රියාත්මක කර ඇති බව ද එම නිවේදනයේ දැක්වෙනවා.

කොරෝනා ආසාදිත මෙම කාන්තාව හමුවිමත් සමඟම මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ප්‍රදේශවල ගම්මාන හතක් හුදකලා කිරීමට පියවර ගෙන තිබෙනවා. දිවුලපිටිය, ගංහින්මුල්ල, වැවගෙදර,  හොරගස්මුල්ල, හේන්පිටිගෙදර, බෙම්මුන්න,හපුවලාන මෙසේ හුදකලා කල ගම්මානවනවා. මෙම ගම්මානවලට සංචාරණ සීමා පනවා ඇති බවයි යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරන්නෙ.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu