gossiplanka alexa ''සිවිල් ඇඳුමින් නිවසට පැමිණි පොලිස් නිලධාරීන් සැමියාට පහර දුන්නා''- පොලිස් අත් අඩංගුවේ දී මිය ගිය තරුණයාගේ බිරිඳ පවසයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

''සිවිල් ඇඳුමින් නිවසට පැමිණි පොලිස් නිලධාරීන් සැමියාට පහර දුන්නා''- පොලිස් අත් අඩංගුවේ දී මිය ගිය තරුණයාගේ බිරිඳ පවසයි

ණ්ඩාවල කන්ද පාරේ පදිංචි සිටි අවුරුදු 21 වයසැති ගයාන් පුෂ්පකුමාර පොලිස් අත් අඩංගුවේ සිටියදී හදිසියේ මිය යාම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පවත්වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

සොරකමක් සිදු කළ බවට මිය ගිය පුද්ගලයාගේ ඥාතියෙකු සිදුකල පැමිණිල්ලකට අනුව මෙම තරුණයා පසුගිය 11 වැනිදා අත් අඩංගුවට ගෙන තිබෙනවා.

එම පැමිණිල්ලට අනුව සිවිල් ඇඳුමින් තම නිවසට පැමිණි පොලිස් නිලධාරීන් පිරිසක් තම සැමියාට පහර දුන් බව ඔහුගේ බිරිඳ සහ නැන්දණිය විමර්ශනවලදී සාක්ෂි දෙමින් කියා සිටිනවා.

අත් අඩංගුවට ගත් සැකකරු 12 වනදා රාත්‍රී 9.20ට පමණ පොලිස් සිර මැදිරියේ රඳවා සිටිය දී තමාගෙ හිස රිදෙන බව පැවසූ නිසා ඔහුව රාගම රෝහලට ඇතුළත් කල බව පොලීසිය පවසනවා. රාගම රෝහලේ දී එකී සැකකරු මියගොස් තිබෙනවා.

වැඩබලන පොලිස්පතිවරයාගේ නියෝගමත විශේෂ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකටයුතු මරණය සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා ඇත්තේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් එම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා හෝ පොලිස් නිලධාරීන් අනිසි ලෙස කටයුතු කර ඇත්නම් එම නිලධාරීන්ට එරෙහිව දැඩි පියවර වගේම විනය පියවර සහ අධිකරණ පියවර ගැනීමට බලාපොරොත්තුවන බවය.




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu