gossiplanka alexa ජාතික සහ බෞද්ධ කොඩි පිටරටින් ගෙන්වීම වහාම නතර කෙරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ජාතික සහ බෞද්ධ කොඩි පිටරටින් ගෙන්වීම වහාම නතර කෙරේ

ජා
තික කොඩි සහ බෞද්ධ කොඩි ආනයනය වහාම නතර කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී තිබෙනවා. රටෙහි අවශ්‍යතාව අනුව ජාතික කොඩි සහ බෞද්ධ කොඩි දේශීයව නිපදවිය යුතු බවයි ජනාධිපතිවරයා පවසා ඇත්තේ. 

එසේම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රෙදිපිළි නිෂ්පාදනය කරන කර්මාන්තශාලා නිරීක්ෂණ කටයුතුවලද නිරත වී තිබෙනවා. එහිදී ජනාධිපතිවරයාගේ අවධානය යොමු වී ඇත්තේ ලබන වසරේ සිට පාසල් හා ආරක්ෂක හමුදා නිල ඇඳුම් සඳහා අවශ්‍ය රෙදි සැපයීමේ වගකීමෙන් වැඩි ප්‍රතිශතය දේශීය නිෂ්පාදකයන්ට පැවරීමට ඇති හැකියාව සම්බන්ධවයි.

මේ පිළිබන්දව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත්කල නිවේදනය පහතින්.

උපුටා ගැනීම 

ලබන වසරේ සිට පාසල් හා ආරක්ෂක හමුදා නිල ඇඳුම් සඳහා අවශ්‍ය රෙදි සැපයීමේ වගකීමෙන් වැඩි ප්‍රතිශතය දේශීය නිෂ්පාදකයන්ට පැවරීමට ඇති හැකියාව අද (28) පෙරවරුවේ දංකොටුව, කර්මාන්තපුරයේ Dankotuwa Textile Mill (pvt) ltd, කඳාන, කපුවත්ත වැන්ගාඩ් Vanguard Industrial (pvt) ltd සහ වත්තල Creative Textile Mill (pvt) ltd ආයතන නිරීක්ෂණය කළ අවස්ථාවේදී සොයා බැලිණි. 

මහා සහ සුළු පරිමාණ දේශීය නිෂ්පාදකයන් ඉහළ ප්‍රමිතියකින් සහ ගුණාත්මක අගයෙන් වැඩි රෙදි නිෂ්පාදනය වහාම ආරම්භ කළ යුතු වේ.  

පාසල් නිල ඇඳුම් සදහා ක්‍රියාත්මක කළ කූපන් ක්‍රමයත් සමග විශාල ප්‍රාග්ධනයක් වැය කොට පටන් ගත් ආයතන කිහිපයක් වසා දැමීමට සිදු වූ බව කර්මාන්තකරුවෝ පවසති. විශාල පිරිසකට රැකියා අහිමි විය. 

දංකොටුව කර්මාන්තයේ පුරයේ පිහිටුවා ඇති Creative Textile Mill (pvt) ltd ආයතනය ප්‍රථමයෙන් නිරීක්ෂණයට ලක් කෙරිණ. රුපියල් මිලියන 2000ක ආයෝජනයකින් ස්ථාපිත කර්මාන්ත ආයතනය 2015 වසරේ සිට වසා තැබිණි. කිසිදු ආදායමක් නොලැබුණද වසරකට රුපියල් මිලියන 08ක බැංකු පොළියක් ගෙවීමට හිමිකරුට සිදුව තිබේ.  

Creative Textile ආයතනය ඉන්දියාව, පාකිස්ථානය සහ චීනය යන රටවලින් නූල් ආනයනය කොට රෙදි නිෂ්පාදනය කිරීමෙන් 500 දෙනෙකුට රැකියා සපයා ඇත. එහි නිෂ්පාදන ධාරිතාව දිනකට රෙදි මීටර් ලක්ෂය දක්වා වැඩිකිරීමට අපේක්ෂා කෙරේ. වාර්ෂික පාසල් නිල ඇඳුම් අවශ්‍යතාව මීටර් මිලියන 11කි.  

රෙදි නිෂ්පාදනය කඩිනමින් යළි ඇරඹීමට ආයතන කළමනාකාරිත්වය දිරි ගැන්වූ අතර ස්වයං රැකියාවක් ලෙස රෙදි නිෂ්පාදනයේ නිරත පිරිසට ද පාසල් රෙදි සැපයුමට අවස්ථාව සැලසීම ගැන සොයා බලන ලෙස ඉල්ලීමි.  

දේශීය රෙදි නිෂ්පාදනය වැඩි කිරීමෙන් ආනයන පිරිවැය 68%කින් ඉතිරිකර ගත හැකිය. දේශීය රෙදි මිලට ගැනීමෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට වාර්ෂිකව රුපියල් මිලියන 80කට අධික මුදලක් ඉතිරිකරගත හැකි බව ද අනාවරණය විය.  

ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය සහ ජනතාව දංකොටුව, කර්මාන්තපුරය ආශ්‍රිතව ඉදිරිපත් කළ ගැටළු පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.  

2015ට පෙර පාසල් නිල රෙදි අවශ්‍යතාවෙන් 40%ක දායකත්වයක් දුන් කඳාන, කපුවත්ත වැන්ගාඩ් Vanguard Industrial (pvt) ltd ආයතනය දැන් ඇඳ ඇතිරිලි සහ තුවා නිෂ්පාදනයේ නිරතව සිටි. ආයතනයේ සමස්ත නිෂ්පාදන ක්‍රියාවලිය නිරීක්ෂණය කළ අතර දේශීය වෙළෙඳපොළහි රෙදි අවශ්‍යතාව සපුරාලීමට ධාරිතාව වැඩි කරන්නැයි ආයතන කළමනකාරිත්වය දිරි ගැන්වීමි. තම ආයතනයට ද පාසල් නිල ඇඳුම් රෙදි අවශ්‍යතාවෙන් 30%ක් සම්පාදනය කළ හැකි බව කළමනාකාරිත්වය සඳහන් කළහ.  

Dankotuwa Textile Mill (pvt) ltd ආයතනයේම ශාඛාවක් වන වත්තල ක්ලිප්ටෙක්ස් Creative Textile Mill (pvt) ltd ආයතන ද මෙම චාරිකාවේදී නිරීක්ෂණයට ලක් විය. ත්‍රිවිධ හමුදාවේ නිල ඇඳුම් සඳහා අවශ්‍ය රෙදි එහි නිෂ්පාදනය කෙරේ. 1500ක පමණ පිරිසක් සේවය කරති. ආරක්ෂක අංශවලට අවශ්‍ය පරිදි රෙදි වර්ණ ගැන්වීම ආයතනයේ මූලික කාර්යයකි. ආනයනික රෙදි පරීක්ෂා නොකරන අතර, දේශීය රෙදි නිෂ්පාදන පරීක්ෂණවලට යොමු කිරීමේ දී විශාල පිරිවැයක් දැරීමට සිදුවන බව කළමනාකරිත්වය කීය.  

රෙදි සෝදන කුඩු වර්ග නිසි නියාමනයකට ලක් නොවන බව පෙන්වා දුන් ඕව්හු එමගින් රෙදිවල වර්ණයට විශාල හානියක් වන බව පැවසූහ. රජය දේශීය කර්මාන්තකරුවන්ට දෙන සහය ප්‍රයෝජනයට ගෙන දේශීය මෙන්ම විදේශීය වෙළෙඳ පොළ දිනා ගැනීමට උත්සුක වන්නැයි වැඩිදුරටත් ඔවුන්ගෙන් ඉල්ලීමි.
ජාතික සහ බෞද්ධ කොඩි ආනයනය වහාම නතර කිරීමට උපදෙස් දුන් අතර ඉල්ලුමට අවශ්‍ය නිෂ්පාදන දේශීයව සැපයීමට පියවර ගන්නා ලෙස ද දැනුම් දෙන ලදී.  

අමාත්‍ය විමල් වීරවංශ මහතා ද මෙම නිරීක්ෂණ චාරිකාවට එක්ව සිටියේය.

Photographs by: Upul Nilanga , Roshantha Kiriwaththuduwa , de Samarakoon (President's Media Division )

උපුටා ගැනීම අවසන් 












 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu