gossiplanka alexa පිටරටින් කිරිපිටි ගෙන්වීම නතර කිරීමට රජයේ සූදානමක් ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පිටරටින් කිරිපිටි ගෙන්වීම නතර කිරීමට රජයේ සූදානමක් ?

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා නාවල ප්‍රදේශයේ පිහිටි උත්සවයකට සහභාගීවෙමින් පවසා ඇත්තේ කිරිපිටි ආනයනය සම්පූර්ණයෙන්ම නතර කිරීමට රජය අපේක්ෂා කරන බවයි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,

''අපේ රටට අවශ්‍ය කිරි නිෂ්පාදනයෙන් නිපදවන්නේ 35% යි.අනිත් ඔක්කොම ගෙන්නන්නෙ පිටරටින්. අපි එක දවසට ඇමරිකානු ඩොලර් මිලියන එකක් කිරිපිටි ගෙන්නනවා. ඒක විදේශයෙන් ගේන කන ජාතියක් බවට අද පත්වෙලා තියනවා. අපේ රටේ කිරිගන්න සත්තුයි කිරි නිෂ්පාදනයි ගත්තම එක කිරි හරකෙක්ගෙන් කිරි ගන්නෙ ලීටර හතරයි. මේ සත්තුන්ට හරියට වතුර ටික දුන්නනම් මහන්සියක් නැතුවම මේ ප්‍රමාණය ලීටර් 5 දක්වා වැඩි කරගන්න පුළුවන්.

අපි මිල්කො සමාගමත් එක්ක එකතුවෙලා සත්තුන්ට අවශ්‍යගවහ, කෑම ආදී සියළු දේ ලබා දීලා කිරි නිෂ්පාදනය වැඩි කරගන්න වැඩපිළිවෙලක් අපි කරගෙන යනවා.'' යැයි පවසා තිබෙනවා.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu