gossiplanka alexa මුඛ ආවරණ මිලදී ගන්නේ ප්‍රවේශමෙන්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මුඛ ආවරණ මිලදී ගන්නේ ප්‍රවේශමෙන්

කොළඹ කො‍ටුව 4වන හරස් වීදියේ ගොඩනැගිල්ලක තිබූ මුව ආවරණ තොගයක් මුද්‍රා තබා තිබෙනවා. 3128ක පමණ මුව ආවරණ ප්‍රමාණයක් සෝදා වේලීම සඳහා තබා තිබියදී මෙලෙස සොයා ගෙන තිබෙනවා. එම මුඛ ආවරණ භාවිතයට නුසුදුසු ඒවා බවයි පැවසෙන්නේ. 

මැද කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට ලැබුණු නිර්නාමික පැමිණිල්ලක් මත මෙම වැටලීම සිදු කර තිබෙනවා. පිටකොටුව පරිසර පොලීසිය සමග මෙම වැටලීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රශ්න කිරීම් වලදී හිමිකරුවන් පවසා ඇත්තේ වැස්සට තෙමී ගොස් තිබූ නිසා මෙලෙස මුඛ ආවරණ වේලීමට දමා තිබූ බවයි. ඇති වූ සැකය මත වැඩි දුර ප්‍රශ්න කිරීම් සිදු කර තිබෙනවා.

මුව ආවරණ තොගය හා එහි හිමිකරුවන් මාලිකාන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.






ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu