gossiplanka alexa පිබිදෙන දේශීය ආර්ථිකයේ සුබ ලකුණු පහළ වෙයි - වාලච්චේන කඩදාසි කම්හලේ පලමු කඩදාසි තොගය වෙළඳපොළට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පිබිදෙන දේශීය ආර්ථිකයේ සුබ ලකුණු පහළ වෙයි - වාලච්චේන කඩදාසි කම්හලේ පලමු කඩදාසි තොගය වෙළඳපොළට

ලි පිබිදෙන මෙරට ආර්ථිකයේ සුබ ලකුණු පෙන්වමින් නිෂ්පාදන කටයුතු යලි ආරම්භකල වාලච්චේන කඩදාසි කම්හලේ පලමු කඩදාසි තොගය වෙළෙඳ පොලට නිකුත් කිරීම ඊයේ(08/03) සිදු කෙරුණා. 

මෙහි නිෂ්පාදන කටයුතු ආරම්භ වීමත් සමඟ වාර්ෂිකව රුපියල් කෝටි 10000ක ඉතිරියක් ද වනවා. 

ඒ කොළඹ පැවති උත්සවයකදීයි. අමාත්‍ය විමල් වීරවංශ මහාතාගේ උපදෙස් අනුව කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යංශය මගින් නිෂ්පාදන කටයුතු නැවත ආරම්භ කෙරුණු එම කඩදාසි කම්හලේ නිපදවූ කඩදාසි මෙට්‍රික් ටොන් 40ක් එලෙස වෙළෙඳ පොලට නිකුත් කෙරුණේ "ශ්‍රී පත්" යන නමින්.

මෙරට ආර්ථිකය ගොඩනැගීම සඳහා ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම සදහා රාජ්‍ය ව්‍යාපාර යලි ගොඩනැගිය යුතු බවට දේශපාලන වේදිකාවේ දී ඇසුනු වාර බොහෝ වුවත් මෙතෙක් එය යථාර්ථයක් බවට පත්වූයේ නැහැ.

ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රට හදන සෞභාග්‍යය දැක්ම වැඩපිළිවෙළෙහි සාර්ථකත්වයට මෙය ප්‍රබල උත්තේජනයක් වනු ඇති බවයි මෙම අවස්ථාවට එක්වූ ජනාධිපති ජේෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග පැවසුවේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu