gossiplanka alexa පාර්ලිමේන්තු යන නවකයින්ගෙන් වැඩිම මනාප ඡන්ද ලබාගෙන ඇත්තේ ආචාර්ය - මහාචාර්යවරුයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පාර්ලිමේන්තු යන නවකයින්ගෙන් වැඩිම මනාප ඡන්ද ලබාගෙන ඇත්තේ ආචාර්ය - මහාචාර්යවරුයි

2020 පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයග්‍රහණය කර තේරී පත්වූ නවක මන්ත්‍රීන්වරුන් අතර වැඩිම මනාප ප්‍රමාණයක් ගත් තිදෙනාම අචාර්ය උපාධියක් සහිත අය වීම විශේෂත්වයකි.

ඒ අතරින් වැඩිම මනාප ලබාගෙන ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් තරඟ කල ආචාර්ය නාලක ගොඩහේවා මහතායි. ඔහු ලබාගත් මනාප සංඛ්‍යාව වන්නේ 325,479කි.

කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරඟ ආචාර්ය ගුණපාල රත්නසේකර මහතා දෙවන ස්ථානය ලබාගෙන ඇති අතර, ලබාගත් මනාප සංඛ්‍යාව 141,991කි. ඔහු ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකි.

රජරට විශ්ව විද්‍යාලයේ මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කරමින් අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් මනාප 133,980ක් ලබා ගනිමින් තෙවෙනි ස්ථානයට පත්විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu