gossiplanka alexa අනිද්දා දිවුරුම් දීමට නියමිත නව අමාත්‍යමණ්ඩලය ලෙස යෝජිත පිරිස

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අනිද්දා දිවුරුම් දීමට නියමිත නව අමාත්‍යමණ්ඩලය ලෙස යෝජිත පිරිස

යේ (09)දින නව රජයේ අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා දිවුරුම් දීමෙන් අනතුරුව නව අමාත්‍ය මණ්ඩලය ලෙස මන්ත්‍රීවරුන් 26 දෙනෙකු ලබන 12 වනදා දිවුරුම් දීමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කරනවා. 

එහිදී මුදල්, නිවාස සහ ඉදිකිරීම් ඇමති ධූරය අගමැති මහින්ද රාජපක්ෂ මහතාට ද, අධ්‍යාපන අමාත්‍ය ධූරය මහාචාර්ය ජී. එල්. පිරිස් මහතා ද දිවුරුම් දීමට නියමිත බව පැවසෙනවා. 

එසේම වාරිමාර්ග ඇමැති ලෙස චමල් රාජපක්ෂ මහතා ද, විදේශ කටයුතු ඇමතිවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා ද, ක‍්‍රීඩා ඇමති ලෙස නාමල් රාජපක්‍ෂ මහතා ද, සෞඛ්‍ය ඇමති ලෙස  පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය ද,  කෘෂිකර්ම ඇමැති ලෙස මහින්දානන්ද අලුත්ගමගේ මහතාද, සංචාරක හා සිවිල් ගුවන් සේවා ඇමැති ලෙස ප්‍රසන්න රණතුංග මහතා ද, ජනමාධ්‍ය ඇමැති ලෙස කෙහෙළිය රඹුක්වැල්ල මහතා ද,  අධිකරණ ඇමැතිවරයා ලෙස අලි සබ්රි මහතා ද පත් කිරීමට යෝජනා වී ඇති බවයි එම ආරංචි මාර්ග වැඩි දුරටත් පවසන්නේ.

පාර්ලිමේන්තුවට තේරී පත් වූ නාලක ගොඩහේවා, සරත් වීරසේකර, ජීවන් තොණ්ඩමන් යන මහත්වරුන්ට ද අමාත්‍යධූර හිමිවනු ඇති බව වාර්තාවනවා.

අමාත්‍යවරු මහනුවර මඟුල් මඬුවේදී දිවුරුම් දීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu