මෙරට රජයේ නිරෝධායන මධ්‍යස්ථානවල ඉඩ පහසුකම් මද බව හේතුවෙන් ඊශ්‍රායලයේ සිට මෙරටට ශ්‍රි ලාංකිකයින්  ගෙන්වා ගැනීම දින නියමයක් නොමැතිව කල් දමා තිබෙනවා. 
 
මේ පිළිබඳව දන්වා ඊශ්‍රායාලයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මෙම මස 30 වනදා සූදානම් කර තිබූ විශේෂ ගුවන් ගමන ද අවලංගු වනු ඇති.