gossiplanka alexa කොරෝනා නිසා ඇෆ්ගනිස්තානය දැඩි අර්බුදයක, මිලියන ගණනක් ආහාර හිඟයක

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොරෝනා නිසා ඇෆ්ගනිස්තානය දැඩි අර්බුදයක, මිලියන ගණනක් ආහාර හිඟයක

https://www.gossiplanka.com/2020/08/afganistan-food-lack.html
ලොව පුරා ව්‍යාප්තව පවතින නව කොරෝනා වෛරසය ඇෆ්ගනිස්තානයට ද මේ වන විට ඉතා දැඩි ලෙස බලපා තිබෙනවා. ඒ මිලියන 38 කට අධික ජනගහනයෙන් මිලියන 32 කට වැඩි පිරිසක් ආහාර අර්බුදයකට මුහුණ පා සිටීම හේතුවෙන්.

ඇෆ්ගනිස්ථාන ප‍්‍රතිසංස්කරණය පිළිබඳ අමෙරිකානු රජයේ අධීක්ෂණ අධිකාරිය හෙවත් සිගාර් කාර්යාලය පවසන්නේ සමස්ත ජනගහනයෙන් 80% කට වැඩි පිරිසක් ආහාර අර්බුදය අභියස සිටින බවයි. එසේම 55%ක් ව තිබූ දරිද්‍රතා අනුපාතය 80% දක්වා මේ වන විට වැඩි වී ඇති බව ඔවුන් පවසනවා.

ඇෆ්ගනිස්තානයේ පවතින අභ්‍යන්තර ගැ‍ටුම්, අර්බුද, මෙන්ම වෙනත් වසරවල මෙන් ආධාර වැඩසටහන් නොලැබී යාම, සෞඛ්‍ය පහසුකම් හිඟවීම ආදී කරුණු හේතුවෙන් එරට ආර්ථිකය සීඝ්‍රයෙන් කඩා වැටෙමින් ඇති බවයි අමෙරිකානු සිගාර් කාර්යාලය පවසන්නේ.

නව කොරෝනා වෛරසය ආසාදනය වීමේන් එරට පුද්ගලයින් බොහෝ ප්‍රමාණයක් මේ වන විට පීඩාවට පත්ව ඇති අතර දැනට හමුවී ඇති ආසාදිතයින් ගණන 36,675 ක්. වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 1,272 ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu