gossiplanka alexa උපකාරක පංති ආරම්භ කිරීමේ වගකීමෙන් කොටසක් පොලීසියට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

උපකාරක පංති ආරම්භ කිරීමේ වගකීමෙන් කොටසක් පොලීසියට

පකාරක පන්ති යළි ආරම්භ කිරීමේදී පැන නැගී ඇති ගැටළු විෂයය කොට සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය ඉදිරිපත් කළ යෝජනා රැසකට ජනාධිපතිවරයා විසින් නොබෝදා ප්‍රතිචාර දක්වා තිබුණා. ඒ ගුරුවරුන් සහ සිසුන් මුහුණ දෙන ගැටලු සම්බන්ධව ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී.

දහසකට අධික සිසුන් සංඛ්‍යාවකට අධ්‍යාපනය ලබාදුන් උපකාරක පන්ති සිසුන් 250කට සීමා කිරීම අසීරු බව දේශකවරු පෙන්වා දීමෙන් අනතුරුව ඒ පිළිබඳ අවධානය යොමු කර අවස්ථා දෙකකදී සිසුන් 500 කට ඉගැන්වීමට අවස්ථාව සැලසීමට සෞඛ්‍ය විශේෂඥයින්ගේ ද උපදෙස් ඇතිව ජනාධිපතිතුමන් අනුමැතිය ලබා දුන්නා.

ඒ අනුව ආරම්භවන උපකාරක පංති සඳහා අවශ්‍ය මාර්ගෝපදේශයන් සැපයීමේ වගකීම පොලීසිය වෙත පවරා තිබෙනවා. උපකාරක පන්ති සංවිධායකවරුන්, ඉගැන්වීමේ කාර්ය මණ්ඩලය, ශිෂ්‍ය ශිෂ්‍යාවන් හා දෙමාපියන් වෙත අදාළ මාර්ගෝපදේශයන් පිළිබඳ පිටපත් ලබා දී ඔවුන් දැනුවත් කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා විසින් සියළු පොලිස් ස්ථාන වෙත උපදෙස් දී තිබෙනවා.

ඒ අනුව එම මාර්ගෝපදේශයන් උපකාරක පන්ති පැවැත්වෙන ස්ථානවල ප‍්‍රදර්ශනය කිරීමටද පියවර ගනු ඇති.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu