gossiplanka alexa රජයේ සේවකයින්ට සහ විශ්‍රාමිකයින්ට රෝහල්වල විශේෂ වාට්‍ටු, සියළු විශ්‍රාමිකයින්ට අග්‍රහාර

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රජයේ සේවකයින්ට සහ විශ්‍රාමිකයින්ට රෝහල්වල විශේෂ වාට්‍ටු, සියළු විශ්‍රාමිකයින්ට අග්‍රහාර

ජයේ සේවයේ නියුතු වූ සියළුම රජයේ සේවකයින්ට අග්‍රහාර රක්ෂණ ප්‍රතිලාභ ප්‍රදානය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා. ඒ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුවයි.

ඒ අනුව මින්පෙර 2016 ජනවාරි මාසයෙන් පසු විශ්‍රාම ගිය පුද්ගලයින්ට පමණක් හිමි වූ අග්‍රහාර රක්ෂණ ප්‍රතිලාභය ඉන් පෙර විශ්‍රාම ගිය පුද්ගලයින්ට ද හිමිවීමට නියමිතයි.

2016 ජනවාරි මාසයට පසු විශ්‍රාම ලැබූවන් සමස්ථ විශ්‍රාම ලැබූවන්ගෙන් 10% ක පමණ ප්‍රතිශතයක්. මෙම අනුමැතියට අනුව තවත් හය ලක්ෂයකට පමණ අග්‍රහාර රක්ෂණ ප්‍රතිලාභය හිමිවනු ඇති.

එසේම රජයේ සේවකයින්ට සහ සියළුම විශ්‍රාම ගිය පුද්ගලයින්ට ඉහළ සෞඛ්‍ය පහසුකම් ලබා දීමට රජයේ තීරණය කර තිබෙනවා. ඒ අනුව විශේෂිත සෞඛ්‍ය සේවා ක්‍රමයක් සැකසීමටයි අවධානය යොමුව ඇත්තේ. මේ යටතේ මෙරට සෑම දිස්ත්‍රික්කයකම රජයේ ප්‍රමුඛ රෝහල් ආවරණය වන පරිදි රාජ්‍ය සේවකයින්ට සහ විශ්‍රාමිකයින්ට විශේෂ වූ වාට්‍ටු ස්ථාපනය කිරීමට නියමිතයි.

තවද, මාසික විශ්‍රාම වැ‍ටුප රුපියල් 20,000 ට අඩු විශ්‍රාමිකයින්ගේ එම විෂමතාව ඉවත්කිරීමට සුදුසු යෝජනා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලෙස ජාතික වැටුප් කොමිසමට දැනුම් දීමට ද රජය තීරණය කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu