gossiplanka alexa පැනයාමට තැත්කළ බන්ධනාගාර ‍රැඳවියා මරුට, කොරෝනා පරීක්ෂණ වාර්තාව අද

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පැනයාමට තැත්කළ බන්ධනාගාර ‍රැඳවියා මරුට, කොරෝනා පරීක්ෂණ වාර්තාව අද

https://www.gossiplanka.com/2020/07/prisoner-died-negombo.html
ශ්වසන මාර්ගයේ ඇති වූ ආබාධයක් හේතුවෙන් මීගමුව රෝහලට ඇතුළත් කල මීගමුව බන්ධනාගාරයේ ‍රැඳවියෙක් එහි 8වන මහලෙන් ඇද වැටී මියගොස් ඇති බවට වාර්තා වනවා.

මෙම ‍රැඳවියා බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකුගේ ආරක්ෂාව යටතේ රෝහලවෙත ඇතුළත් කර තිබෙනවා. ඊයේ රාත්‍රී 12.30ට පමණ මෙම ‍රැඳවියා අතුරුදහන් වී ඇති බවට අනාවරණය වීමත් සමඟම පොලිසිය සහ රෝහලේ ආරක්ෂක නිලධාරින් ඒ පිළිබඳව සොයා බලන අවස්ථාවේදී මෙම ‍රැඳවියාගේ මියගිය දේහය හමුවී ඇති බව සඳහන්.

වයස අවුරුදු 34ක්වන මෙම ‍රැඳවියා බන්ධනාගාරගත කර ඇත්තේ හෙරොයින් වරදකට සම්බන්ධවයි. ඔහුට කොරෝනා වෛරසය වැළඳී ඇති දැයි පරීක්ෂා කිරීමට මීගමුව රෝහලට ඇතුළත් කර තිබෙන බව සඳහන්. ඔහුගේ PCR පරීක්ෂණ වාර්තා අද ලැබිමට නියමිතයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu