gossiplanka alexa කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් හමුවූ තවත් ප්‍රදේශ කිහිපයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් හමුවූ තවත් ප්‍රදේශ කිහිපයක්

https://www.gossiplanka.com/2020/07/corona-effect-area.html
මාතර පිටබැද්දර ප්‍රදේශයෙන් ද කොරෝනා වෛරසය ආසාදිතයෙකු හමු වී තිබෙනවා.ඔහු කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවයකරන හමුදා නිලධාරියෙක්.

මෙම නිලධාරියා නිවාඩු ලබා සතියක පමණ කාලයක් නිවසේගත කර තිබෙනවා. එසේ නිවසේ ගත කරන කාලය අතර තුර පිඅටබැද්දර නගරයේ ස්ථාන කිහිපයකටම ඔහු ගොස් ඇති අතර දේශපාලන ‍රැස්විමකට ද සහභාගී වී ඇති බව වාර්තා වනවා.

එසේම ගිරිඋල්ල නාරංගොඩ දික්හේනවත ප්‍රදේශයේ පුද්ගලයින් 07 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා. ඒ ඔවුන් සහභාගී වූ දානමය පුණ්‍යකර්මයකට කොරෝනා ආසාදිත කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කළ නිලධාරියකු සහභාගී වී ඇති බව තොරතුරු දැනගැනීමත් සමඟයි.

තවද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවයේ නියුතු තවත් නිලධාරියෙකුට කොරෝනා ආසාදිත යැයි අනාවරණය වී තිබෙනවා. ඔහු කන්තලේ අග්බෝගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මොණරාගල දිස්ත්‍රික්කයේ විලඔය හා උනාවටුන ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙකුට ද කොරෝනා ආසාදනය වී ඇති බව වාර්තා වනවා. ඔවුන්ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කළ ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙක්. ඔහු සමීපව ඇසුරු කළ පුද්ගලයින් 8 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර ඇති අතර 60 දෙනෙකු පමණ ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා. 

මේ අතර කොරෝනා වෛරස් ආසාදිතයින් වැඩි පිරිසක් හමු වූ රාජාංගණය ප්‍රදේශයේ රාජාංගනය යාය 1, 3 සහ 5 ප්‍රදේශවලට සංචරණ සීමා පනවා තිබෙනවා.
















ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu