gossiplanka alexa කෝට්ටේ නගරාධිපතිගෙන් අයෝමය ප්‍රතිඥාවක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කෝට්ටේ නගරාධිපතිගෙන් අයෝමය ප්‍රතිඥාවක්

https://www.gossiplanka.com/2020/07/madura-vithanage-feature-article.html
ති තැනින් බිඳක් නැති තැනට දෙන්නට තරම් සිතක් පහල වන්නේ කලාතුරකින් කෙනෙකුටය . දේශපාලනය තුළනම් එවැනි යහපත් ක්‍රියාවන්ට හිත ඇත්තවුන් සොයාගැනීම අතිශය දුර්ලභය. අසීමිත සැප සම්පත් විඳීමේ  ආශාවන් ඇත්තවුන් පිළිබඳව නම් නිරන්තරව අපට ඇසීමට ලැබේ. නමුත් තමන්ට ලැබෙන නිල රථය පවා භාර නොගෙන , එම මුදලින් තම නගරසභාවේ සෞඛ්‍ය අංශයට කැබ් රථ තුනක් ලබා දීමට ක්‍රියා කල  වැඩ කරපු නිලධාරියෙකු පිළිබඳ අපට අසන්නට ලැබිණි.  ඒ වෙනකෙකු නොව , ඔහු පුරපති  නීතිඥ මධුර විතානගේ ය.

අපේ රට  තවමත් සංවර්ධනය වෙමින් පවතින රටකි. අතීතය තුළද අප කියවූ  පාඩම එයයි.   ගමේ පාරට බස් රථයක් නැති , ගමට හරි හමන් පාරක්  නැති , රෝහලට හරි හමන් ගිලන් රථයක් නැති , රෝහලේ හරියාකාර පහසුකම් නැති, අවස්ථා අප ඕනෑ තරම් දැක ඇත. නමුදු මැති ඇමතිවරුන්හට නිසි කලට වේලාවට  කැමති කැමති ලෙස වටිනාකම් සහිත සැප වාහන ,  නිවාස , නඩත්තු වියදම් ලැබේ. ඔවුන් සිටින්නේ ජනතාවගේ සුභ සිද්ධිය හදන්නටද එසේත් නොමැතිනම් ජනතාව බදු ගෙවන්නේ පාර්ලිමේන්තුවේ මැති ඇමති වරුන්ගේ සුඛවිහරණය සඳහා කත් අදින්නටද යන්න  ගැටලුවකි. පුරපති  නිතීඥ  මධුර විතානගේ  නැවත නැවතත් පසක් කරමින් සිටින්නේ ඔහු පාර්ලිමේන්තුවට යාමට බලාපොරොත්තු වන්නේ ජනතා බදු මුදලින් සැප විදින්නට නොවන බවය.

ඔහු දැනටමත් තීරණය කර ඇත්තේ නිරන්තර ජනතා අප්‍රසාදයට ලක්වන අධි සුඛෝපභෝගී තීරුබදු රහිත වාහන බලපත්‍රය ලබා නොගැනීමටයි. ජනතාව සූරාකන පාලකයින් නොව රටට අවැසි වන්නේ මෙවැනි මිනිසුන්මය.

ජනතා නියෝජිතයෙකු වීම  භාරදූර්‍ය කටයුත්තකි., වගකීම් රැසක එකතුවකි. එය වටහා ගත් පුද්ගලයාට තම කටයුතු කරගෙන යාම අපහසු නොවේ.

පුරපති මධුර විතානගේ යනු අඳුර බිඳූ සොඳුරු පුද්ගලයෙකි.  ඔහු කෝට්ටේ නගර සභාව තුළ දිරාපත් වෙමින් පැවැති  මිලියන ගණනක් වටිනා  වාහන 15 ක් පමණ  නැවත සකසා  ප්‍රයෝජනයට ගතහැකි තත්වයට රැගෙන ඒමට කටයුතු කළේ විශාල මුදලක් රටට ඉතිරි කරමිනි. ජනහිතකාමි සැබෑ නායකයෙකු බව ඔහු එලෙස ඔප්පු කළේය.

ඔහු තුළ සංවර්ධන ව්‍යාපෘති රැසක් ඇත. ඔහු එම සංවර්ධන ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කරමින්  ප්‍රතිලාභ ලබාගෙන ඇත. කෝට්ටේ නගර සභාව තුළ අපජලය ප්‍රතිචක්‍රීකරණය කරමින්  එම ජලය තවත් වැඩ කටයුතු සඳහා යොදා ගැනීමට ඔහු කටයුතු කළේය. එමෙන්ම කෝට්ටේ නගර සභාව තුළ කසළ ප්‍රතිචක්‍රීකරණ  කටයුතු මනාව සිදු වෙමින් පවතී. එම නිසාම  කෝට්ටේ පුරවරය සොඳුරු භූමියකි.

එම ප්‍රදේශය තුළ තරුණ තරුණියන්ගේ ශ්‍රමය  නිකරුණේ නාස්ති වීමට නොදී එම තරුණ ශ්‍රමය රටේ  සංවර්ධනයට යොදා ගන්නට ඔහු කටයුතු කළේය . රස්තියාදුවන තරුණ ශ්‍රමය වෙනුවට ක්‍රියාකාරි තරුණ ශ්‍රමයක් රටට ඉතිරිකරන්නට විය. මතින්  නිදහස් තරුණ ප්‍රජාවක් බිහිකරන්නටද එය හේතු විය.

එපමණක් නොව ලංකාවේ මුල් වරට සියළුම නවීන තාක්ෂණික පහසුකම්වලින් යුත් ග්‍රහලෝකාගාරයක් සහිත විද්‍යා මධ්‍යස්ථානයක් හා ශ්‍රවණාගාරයක්  සහ වැඩිහිටි දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් සැකසීමද ඔහු අතින් සිදු වූ සුවිශේෂි වැඩකටයුත්තකි.

රටේ මුදල් රටට ඉතිරි කරමින් , අසීමිත සැප සම්පත් විඳීම  වෙනුවට , හැකි හැමවිටම  ජනතාවගේ සුබසිද්ධිය උදෙසා කටයුතු කිරීම ඔහුගේ උත්තරීතර  මානව ගුණයකි.

ඉතින් ඔහු තමාට කළ හැක්කේ කුමක්ද යන්න ඔප්පු කර පෙන්වා තිබේ. ඔහුට තවත් සිදු කරන්නට බොහෝ දේ ඉතිරිව ද ඇත. ආරම්භ කළ වැඩකටයුතු අවසන් කරන්නට ඔහුට අවස්ථාව ලබා දිය හැක්කේ ඔබේ මනාපයට පමණි.  ඔබ බුද්ධිමත්ව , ඔබට රටට වැඩ කරන , උගත්  බුද්ධිමත් නියෝජිතයෙකු ඔබ වෙනුවෙන් තෝරා පත් කරගතයුතුව ඇත.  ඔබේ  මනාපයට වටිනාකමක් ලබා දිය හැකි ඔහු වෙනුවෙන් ඔබේ කතිරය ගසන්න. කොළඹ දිස්ත්‍රික්කයෙන්  අංක 17න්  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් අගනුවර පුරපති නිතීඥ මධුර විතානගේ මෙවර මැති සබයට යවමු !



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu