gossiplanka alexa IDH රෝහලෙන් පැනගිය පුද්ගලයා සොයා ගැනේ... උදව් කල සැමට තෑගී

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

IDH රෝහලෙන් පැනගිය පුද්ගලයා සොයා ගැනේ... උදව් කල සැමට තෑගී

IDH රෝහලෙන් පැන ගිය කොරෝනා ආසාදිත වූ රෝගියා කොළඹ ජාතික රෝහලේ බාහිර අංශයේ දී සොයා ගැනීමට පොලීසිය සමත් වුණා. මෙම පුද්ගලයා සොයා ගන්නා අවස්ථාවේ දී එහි සිටි පිරිස ඉන් ඉවත් කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු රෝහලට පැමිණ ඇත්තේ ත්‍රී රෝද රථයකින්. එම ත්‍රී රෝද රථයේ රියදුරු ද නිරෝධායනයට යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයාව රෝහලේ දී පළමුව දැක ඇත්තේ රෝහල් සේවකයින් දෙදෙනෙක්. රෝහල අසල ආපනශාලාවකට යමින් සිටිය දී මෙම රෝගියා ඔවුන්ට හමුවී තිබෙනවා. 

රෝහලෙන් පැන යන රෝගියා ඔහු බව එහි දී එම පුද්ගලයා රෝහල් සේවකයින්ට පවසා තිබෙන අතර වහාම ක්‍රියාත්මක වූ එම සේවකයින් ඔහුව අසල පිහිටි පදික වේදිකාවේ හිඳුවා අදාළ බලධාරීන්ට දන්වා තිබෙනවා. 

එහිදී ක්‍රියාත්මක වූ බලධාරීන් ආරක්ෂක අංශ වෙත මේ පිළිබඳව දැනුවත් කර ඇති අතර රෝගියා රඳවා තිබූ ප්‍රදේශයට ජනතාවට ඇතුල් වීමට නොහැකි වන පරිදි ආරක්ෂාව ලබා දී තිබෙන බව සඳහන්. 

එම ආසාදිත පුද්ගලයා සොයා ගැනීමට සහාය දුන් රෝහල් කාර්ය මණ්ඩලය සහ සේවකයින්ට ත්‍යාග මුදල් පිරිනැමීමට තීරණය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu