තවත් පුද්ගලයින් 90කට කොරෝනා

https://www.gossiplanka.com/2020/07/corona-another-90.html
තවත් පුද්ගලයින් 90කට කොරෝනා ආසාදිත වී ඇති බව තහවුරු වී තිබෙනවා.වසංගත රෝග විද්‍යා අංශය මේ බව සඳහන් කරනවා.

මෙම පුද්ගලයින්ගෙන් 76 දෙනෙකු කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට සේනපුර මධ්‍යස්ථානය වෙත මාරු කර යැවූ පුද්ගලයින් වනවා. අනෙක් 14 දෙනා ඔවුන් සමඟ සමීප ඇසුරක් පැවැත්වූ පුද්ගලයින් බවයි වාර්තා වන්නේ.

ඒ අනුව දැනට ලංකාවෙන් කොරෝනා ආසාදිත පුද්ගලයින් 2605ක් සොයා ගෙන තිබෙනවා. ඉන් සුවය ලබා පිටවූ ගණන 1981ක් වන අතර දැනට ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන් ගණන 613ක්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu