gossiplanka alexa ආගමික කටයුතු කිරීමට අද සිට අවසර, සිකුරාදා පැවැත්වෙන මුස්ලිම් දේව මෙහෙයන් තහනම්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ආගමික කටයුතු කිරීමට අද සිට අවසර, සිකුරාදා පැවැත්වෙන මුස්ලිම් දේව මෙහෙයන් තහනම්

https://www.gossiplanka.com/2020/06/religious-activities.html
සෞඛ්‍ය සීමාවන්ට යටත්ව ආගමික ස්ථානවල ආගමික කටයුතු සිදු කිරීමට අද (12) සිට අවසරය හිමිවනවා. කොරෝනා වසංගත ව්‍යාප්තිය මර්ධනය කිරීමේ වැඩපිළිවෙලක් ලෙස සියළුම ආගමික ස්ථානවලට ජනයා ඒකරාශී වීම තහනම් කරමින් රජය විසින් නිවේදනයක් නිකුත් කර තිබුණා. ඒ අනුව අද සිට එම තහනම ඉවත්වනු ඇති.

කෙසේ වෙතත් මෙසේ ආගමික කටයුතු සිදු කිරීමට ‍රැස්විය යුතු උපරිම පුද්ගලය්න් ගණන 50කට සීමා කර තිබෙනවා. පුද්ගල දුරස්ථභාවය ‍රැකගනිමින් නිසි සෞඛ්‍ය උපදෙස් අනුව මෙම ආගමික වතාවත් සිදු කළ යුතු බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසන්නේ.

නමුත් ඉස්ලාම් දේවස්ථානවල පස්වේලේ ඉමාම් ජමාත්, ජුම්මා සලාතය, නිකා මජරිස් ඇතුළු සිකුරාදා පැවැත්වෙන සාමූහික දේවමෙහෙයන් නැවත දැනුම් දෙන තුරු තහනම් බව මුස්ලිම් ආගමික කටයුතු හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා. මෙම තීරණය ගෙන ඇත්තේ ශී‍්‍ර ලංකා වකුෆ් සභාවේ නියමයන්ට අනුව බව එම දෙපාර්තමේන්තුව පවසනවා.  ශ‍්‍රී ලංකා වකූෆ් සභාව විසින් මර්ගෝපදේශයක් නිකුත් කරන බවද මුස්ලිම් ආගමික කටයුතු හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව පවසනවා.




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu