පුද්ගලයින් සිව් දෙනෙක් මුහුදට බිලිවෙයි

https://www.gossiplanka.com/2020/06/people-drown-sea.html
වත්තල දික් ඕවිට ප්‍රදේශයේ දී මුහුදේ ගිලී පුද්ගලයින් සිව්දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය මේ බව සඳහන් කරනවා.

මෙසේ මියගොස් ඇත්තේ එක් පිරිමි ළමයෙක් සහ කාන්තාවන් තුන් දෙනෙක්.

මියගිය කාන්තාවන් අවුරුදු 16, 20 සහ 30 යන වයසේ පසුවන අතර පිරිමි දරුවාට වයස අවුරුදු 14ක්. තවත් බරපතල තත්ත්වයේ පසුවන කාන්තාවක් රාගම දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

මොවුන් උස්වැටකෙයියාව ප්‍රදේශයේ සහ කඳාන කන්දෙවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන්.




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu