gossiplanka alexa අත්යන්ත්‍ර සහ බතික් රෙදිපිළි පිටරටින් ගෙන්වීම සම්පූර්ණයෙන් තහනම් කෙරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අත්යන්ත්‍ර සහ බතික් රෙදිපිළි පිටරටින් ගෙන්වීම සම්පූර්ණයෙන් තහනම් කෙරේ

https://www.gossiplanka.com/2020/06/handlooms-batiktextiles-importation-prohibited.html
මෙරට අත්යන්ත්‍ර සහ බතික් රෙදිපිළි කර්මාන්තවල නිරත නිෂ්පාදකයන් නඟා සි‍ටුවීමේ අරමුණින් සහ ඔවුන් ඊට ආකර්ශනය කර ගැනීමේ අරමුණින් අත්යන්ත්‍ර සහ බතික් රෙදිපිළි ආනයනය නතර කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් වූ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේ පැවති අතර ජනාධිපතිවරයා සමාජ මාධ්‍ය ඔස්සේ තැබූ සටහනයි මේ.

''රෙදිපිළි කර්මාන්තවල නිරත නිෂ්පාදකයන් නගා සිටුවමින් තවත් නිෂ්පාදකයන් ඊට ආකර්ශණය කර ගැනීම සඳහා අත්යන්ත්‍ර සහ බතික් රෙදිපිළී ආනයනය නතර කිරීමට මම තීරණය කළෙමි.

රෙදිපිළී සහ ඇගළුම් කර්මාන්තයේ නිරතවූවන් මුහුණපාන ගැටළු සම්බන්ධයෙන් අද (15) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී මේ තීරණ ගනු ලැබිණ.

ආනයනික රෙදි භාවිතයෙන්, නිපැයෙන ඇඟළුම් වෙනුවට දේශීය රෙදි නිෂ්පාදන ආශ්‍රිත නිමි ඇඳුම් සඳහා වැඩි වෙළෙඳ පොළ අවස්ථාවක් ලබාදීම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා විය. එමගින් විදේශයන්ට ඇදී යන විනිමය විශාල ප්‍රමාණයක් ඉතිරි කර ගැනීමට හැකි වනු ඇත.

පාසල් සහ විවිධ නිල ඇඳුම් සඳහා කෙරෙන රෙදි නිෂ්පාදනයේ ප්‍රමිතිය ඉහළ ගුණාත්මක අගයක් තිබිය යුතුය. ඒ සඳහා සුපරීක්ෂක කණ්ඩායමක් යෙදවීමට තීරණය කෙරිණ.

කිහිප දෙනෙක් සතු රෙදි පිළී නිෂ්පාදන වෙළෙඳපොළ ඊට කැමැත්තක් දක්වන වෙනත් ආයෝජකයන්ට ද විවෘත කිරීමේ වැදගත්කම ද මම පෙන්වා දුන්නෙමි.

නිමි ඇඳුම් නිෂ්පාදකයන් සහ දේශීය වෙළෙඳ ආයතන සාමූහිකව රැස්ව තීරණ ගැනීමෙන් පුළුල් වෙළෙඳපොළක් නිර්මණය කළ යුතු බවත්, සෙසු රටවල ගැනුම්කරුවන්ට ඇඟළුම් තොග වශයෙන් මිලදී ගැනීමට වෙළෙඳ මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීමේ අවශ්‍යතාවත් අවධාරණය කෙරිණ.

විදේශ රටවලින් ගෙන්වන නූල් සහ රසායනික වර්ණයන්ගේ ප්‍රමිතිය සහ මිල ගණන් ආශ්‍රිත ගැටළු නිරාකරණය පිළිබඳව ද දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය.

අමාත්‍ය විමල් වීරවංශ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජේ.ඒ. රංජිත්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල යන මහත්ම මහත්මීහූ සහ ඇගළුම් සහ රෙදි පිළී ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයෝ පිරිසක් සාකච්ඡාවට එක්ව සිටියහ.''

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu