gossiplanka alexa ඝාතනයවූ ජෝජ්ගේ සහකාරිය සහ දියණිය මාධ්‍ය ඉදිරියට, සහෝදරයා විරෝධතාකරුවන් අමතයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඝාතනයවූ ජෝජ්ගේ සහකාරිය සහ දියණිය මාධ්‍ය ඉදිරියට, සහෝදරයා විරෝධතාකරුවන් අමතයි

https://www.gossiplanka.com/2020/06/george-floyd-wife-daughter.html
ඝාතනයට ලක් වූ අමෙර්කානු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ සහකාරිය සහ දියණිය මාධ්‍ය හමුවේ පෙනී සිටිමින් ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා. ඇය එම මාධ්‍ය ප්‍රකාශකනයේ දී කියා සිටින්නේ පොලීසියේ කෲර හැසිරීම නිසා තම දියණියට ඇයගේ පියා අහිමි වූ බවයි. එසේම ඇය මේ සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණයක් බලාපොරොත්තුවන බවද කියා සිටිනවා.

කළු ජාතිකයෙකු මෙසේ අමානුෂීය අන්දමින් ඝාතනය වීම සම්බන්ධයෙන් මේ වන විට අමෙරිකාවේ විශාල විරෝධතා ව්‍යාපාරයක් දියත් වන අතර ඇඳිරි නීතිය පවා නොතකමින් විරෝධතා කරුවන් දිගින් දිගටම උද්ඝෝෂණයේ නිරතවනවා. විරෝධතාකරුවන් අතරට පැමිණි ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ සොහොයුරා ඔවුන්ට කියා ඇත්තේ මෙසේ විරෝධතා කිරීමෙන් තමන්ගේ සොහොයුරා ආපසු ලබා ගත නොහැකි බවත් වඩා වැදගත් දෙයක් වෙනුවෙන් ඡන්දය භාවිතා කිරීම බවත් ය.

මේ වන විට ජොර්ජ් ඝාතනය කළ ඩෙරික් ෂාවින් මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන ඇති අතර ඔහු පොලි භාරයේ සිටින අයුරු දැක්වෙන ඡායාරූපයක්ද මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා. ඔහු සමඟ සිටි අනෙකුත් පොලිස් නිලධාරීන් සිව් දෙනද පොලිස් සේවයෙන් ඉවත්කර තිබෙනවා.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu