gossiplanka alexa අමෙරිකානු කළු ජාතිකයා ඝාතනය කළ පොලිස් නිලධාරියාගේ චෝදනාව සංශෝධය කෙරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අමෙරිකානු කළු ජාතිකයා ඝාතනය කළ පොලිස් නිලධාරියාගේ චෝදනාව සංශෝධය කෙරේ

https://www.gossiplanka.com/2020/06/america-police-officer-charge-changed.html
මෙරිකානු නීතියට අනුව යම්කිසි මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ වරද මට්ටම් තුනක් යටතේ අර්ථ දක්වා තිබෙනවා. මරණයක් සිදු කිරීමේ චේතනාවක් නොමැතිව උද්ගතව ඇති තත්ත්ව යටතේ සාධාරණීකරණය කළ හැකි හේතුවක් මත නොසැලකිලිමත් ලෙස සිදුවන ඝාතනයක් මෙකී තුන් වන මට්ටමට අයත් වනවා.

අමෙරිකාවේ මේ වන විට ඉතා ප්‍රචණ්ඩ ලෙස ව්‍යාප්තවන උද්ඝෝෂණවලට ප්‍රධාන හේතුව වූ කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය කිරීමේ වරදට පොලිස් නිලධාරී ඩේව් චව්වින්ට චෝදනා ගොනු කර තිබුණේ මෙම තුන් වන මට්ටමේ අර්ථ දැක්වීම අනුවයි.

එහෙත් මෙ වන විට ඔහුසම්බන්ධයෙන් වූ චෝදනාව වෙනස් කරමින් ඔහුට දෙවන මට්ටමේ අර්ථ දැක්වීම අනුව චෝදනා ගොනු කර ඇති බව වාර්තා වනවා. මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් අමෙරිකාවේ නීතියට අනුව දෙවන මට්ටමේ අර්ථ දැක්වීම වන්නේ ද්වේශ සහගත චේතනාවකින් එහෙත් කලින් සැලසුම් නොකල මනුෂ්‍ය ඝාතන ලෙසයි.

කෙසේ වෙතත් මියගිය ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ පවුලේ සාමාජිකයින් කියා සිටින්නේ ඔහුව මරා දැමූ පොලිස් නිලධාරියාට පළමු මට්ටමේ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් චෝදනා නැගිය යුතු බවයි. පළමු මට්ටමේ චෝදනාවකට අනුව එය අර්ථ දැක්වෙන්නේ ද්වේශ සහගත ලෙස හිතාමතාම කලින් සැලසුම් කල පරිදි සිදුවන මනුෂ්‍ය ඝාතනයක් ලෙසයි.

ජෝර්ජ් ඝාතනය කළ පොලිස් නිලධාරියා සමඟ සිටි අනෙකුත් නිලධාරීන් තුන් දෙනාට මින් පෙර කිසිදු චෝදනාවක් එල්ල වී නොතිබුණත් මෙම සංශෝධනයේ දී දෙවන මට්ටමේ මනුෂ්‍ය ඝාතනයකට අනුබල දීම සහ ආධාර ලබා දීම යන චෝදනා යටතේ නඩු ගොනුකර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu