ජොර්ජ් ෆ්ලොයිඩ්ගේ අවසන් කටයුතු අද, ඝාතකයා නිහඬබව රකියි - Photo

https://www.gossiplanka.com/2020/06/george-floyd-funeral.html
අමෙරිකාව පුරා ප්‍රචණ්ඩත්වය පතුරවමින් අමෙරිකා පොලීසිය විසින් ඝාතනය වූ ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ අවසන් කටයුතු අද හූස්ටන්හි දී පැවැත්වීමට නියමිතයි. කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ් අමෙරිකානු පොලීසිය විසින් අමානුෂික ලෙස ඝාතනය කිරීමත් සමඟම අමෙරිකාව පුරා උද්ඝෝෂණ පැවැත්වීම ආරම්භ වූ අතර එය ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවන තත්ත්වයට ද පත් වුණා.

ෆ්ලොයිඩ් ඝාතනය කළ ඩෙරික් ෂාවින්ට දෙවැනි මට්ටමේ පුද්ගල ඝාතනය ඇතුළු බරපතළ චෝදනා තුනක් ඇතුළුව නඩු පවරමින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා. වීඩියෝ තාක්ෂණය ඔස්සේ අධිකරණය ඉදිරියේ පෙනී සිටි ෂාවින්ට අමෙරිකානු ඩොලර් මිලියන 1.25ක ඇපයක්ද නියම කෙරුණා.

නඩුව විභාගවන මුළු කාලය පුරාම ඩෙරික් ෂාවින් නිහඬව සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.







ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu