gossiplanka alexa ඉන්දියාවේ ආගමික නායකයින් කොරෝනාවෙන් බේරෙන්න ලංකාවට එයි, රජයෙන් අවසර ලබා දෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඉන්දියාවේ ආගමික නායකයින් කොරෝනාවෙන් බේරෙන්න ලංකාවට එයි, රජයෙන් අවසර ලබා දෙයි

https://www.gossiplanka.com/2020/06/bora-people-come-to-srilanka.html
බෝරා ප්‍රජාවේ ආගමික නායකයා සමඟ තවත් අනුගාමිකයින් හතළිස්පහක පිරිසකට ලංකාවට පැමිණ නවතාතැන් ගැනීමට ලංකා රජයෙන් අවසර ලැබී තිබෙනවා. ඉන්දියාවේ ''ඩාවුඩ් බෝරා ප්‍රජාවේ'' අධ්‍යාත්මික නායක සයිඩ්නා මෆාඩාල් සයිෆුඩීන් සහ ඔහුගේ අනුගාමිකයින් පිරිසක් ඉන්දියාවේ පැතිරයන කොවිඩ් -19 වසංගතය හේතුවෙන් එම තත්ත්වය පහව යන තුරු මෙරටට පැමිණ නවතාතැන් ගැනීමට ලක් රජයෙන් ඉල්ලා තිබෙනවා.

පාර්ශව දෙක අතර සිදු කළ සාකච්ඡාවකින් අනතුරුව ඔවුනට ශ්‍රී ලංකාවට පැමිණීමට අවසර ලබා දී ඇති බවත් ඔවුන් සඳහා විශේෂ ගුවන් යානයක් ද සූදානම් කර ඇති බවත් වාර්තා වනවා.

ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු ඔවුන් නවාතැන් ගන්නේ බණ්ඩාරවෙල ප්‍රදේශයේ බවත් ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසුව ඔවුන් බණ්ඩාරවෙල නවාතැන් ගන්නා ස්ථානයේ දීම යුද හමුදා නිරීක්ෂණය යටතේ නිරෝධායනයට ලක්වන බවත් ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා පුවත්පතකට ප්‍රකාශ කර තිබුණා.

ඉන්දියාවේ මුම්බායි වලින් පිටත්වීමට පෙර ඔවුන් පී.සි.ආර් පරීක්ෂාවකට ලක් කර වාර්තාවක් ලබා ගැනීමට නියමිතයි. එසේම ඔවුන් නවාතැන් ගන්නා නිවාඩු නිකේතනයේ සියළුම සේවක සේවිකාවන් සඳහා නිසි ආරක්ෂක උපක්‍රම ද භාවිතා වන බව මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu