gossiplanka alexa කොරෝනා වෛරසය නැවත පැතිරීම ගැන වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගෙන් අනතුරු ඇඟවීමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොරෝනා වෛරසය නැවත පැතිරීම ගැන වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගෙන් අනතුරු ඇඟවීමක්

https://www.gossiplanka.com/2020/06/corona-warning.html
ව කොවිඩ් - 19 වෛරසය නිසා අඩපණව තිබූ සියළු කටයුතු යථා තත්ත්වයට පත් කිරීමේ වැඩපිළිවෙල යටතේ පොදු ප්‍රවාහන මගී සේවාවන් ද ක්‍රියාත්මක වුණා. මෙසේ පොදු ප්‍රවාහන සේවාවන් නැවත ක්‍රියාත්මක කිරිමේ දි සෞඛ්‍ය සේවා අංශවලින් උපදෙස් දී තිබුණේ නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදින ලෙසයි.

එහෙත් පොදු ප්‍රවාහන බස් රථවල මෙම සෞඛ්‍ය නීති නිසි ලෙස ක්‍රියාත්මක නොවන බවට ලැබුණු පැමිණිලි අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් උපදෙස් මාලාවක් ද නිකුත් කළා. එහෙත් බස් රථ සේවාව පවත්වාගෙන යාමේ දී බස් රථවල සේවය කරන රියදුරන් සහ කොන්දොස්තරවරයන් සමාජ දුරස්ථ භාවය පවා නොතකා හිතුමතේ කටයුතු කරන බව සෞඛ්‍ය අංශවලට තොරතුරු ලැබී තිබෙනවා.

මෙසේ නිසි සෞඛ්‍ය නීති රීති ක්‍රියාත්මක නොවන වාතාවරණයක් තුළ කොරෝනා වෛරසය නැවත සමාජය පුරා පැතිරීමේ අවදානමක් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියා සිටිනවා.

එසේ හෙයින් පොදු ප්‍රවාහන මගී සේවාව තුළ අදාළ සෞඛ්‍ය නීති රීති දැඩිව ක්‍රියාත්මක කළ යුතු බව ඒ මහතා කියා සිටිනවා. එසේ නීති රීති ක්‍රියාත්මක නොකරන රියදුරන් සහ කොන්දොස්තරවරයන් අත් අඩංගුවට ගැනීමට කටයුතු කරන බව පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu