gossiplanka alexa ඡන්ද පත්‍රිකා මුද්‍රණය නතර කරන ලෙස මැතිවරණ කොමිසමේ සමාජිකයෙකුගෙන් නියෝගයක් ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඡන්ද පත්‍රිකා මුද්‍රණය නතර කරන ලෙස මැතිවරණ කොමිසමේ සමාජිකයෙකුගෙන් නියෝගයක් ?

https://www.gossiplanka.com/2020/06/cancel-printing-ballot-papers.html
කොළඹ, කළුතර, කුරුණෑගල, මොනරාගල සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක පහට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය පසුගිය 04වනදා දහවල් සිට නතර කරෑති බව වාර්තා වනවා. ඒ ස්වාධීන මැතිවරණයෙන් රජයේ මුද්‍රණාලය වෙත ලැබුණු උපදෙසක් අනුව බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

පසුගිය 27වන දින ස්වාධීන මැතිවරණ කොමිසම මඟින් ඡ්නද පත්‍රිකා ලක්ෂ 1ක්70 මුද්‍රණය කරන ලෙස රජයේ මුද්‍රණාලයට ඇණවුම් කර තිබුණා. එහෙත් මුද්‍රණ කටයුතු ආරම්භ කෙරුණේපසුගිය 03වනදා වන අතර එදිනද පරිගණක දෝෂයක් හේතුවෙන් මුද්‍රණ කටයුතු ආරම්භ කෙරුණේ පසුගිය 04 වන්දා උදෑසන 08ට පමණය. එදින උදෑසන 10.30ට පමණ මැතිවරණ කොමිසමේ සමාජිකයෙකු  රජයේ මුද්‍රණාලයාධිපතිනිට දුරකථන ඇමැතුමක් මඟින් උපදෙස් ලබා දී ඇත්තේ ඉහත දිස්ත්‍රික්ක පහට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය නොකරන ලෙසයි.

අනෙක් දිස්ත්‍රික්කවල ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම නතර කරන ලෙස කිසිදු නියෝගයක් මේ දක්වා ලැබී නොමැති බව ද වාර්තා වනවා.

කෙසේ නමුත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසා සිටින්නේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම අඛණ්ඩව කරන ලෙස තමන් රජයේ මුද‍්‍රණාලාධිපතිනියට උපදෙස් ලබා දුන් බවයි.

මවුබිම පුවත්පත ඇසුරිණි
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu