gossiplanka alexa වසවිස නැති ගෙවතු දස ලක්ෂයක් .. අතුරලියේ රතන හිමි මහ මෙහෙවර...

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

වසවිස නැති ගෙවතු දස ලක්ෂයක් .. අතුරලියේ රතන හිමි මහ මෙහෙවර...



ස්වයංපෝෂිත ජාතියක් හෙට රටට උරුම කරලීමේ උදාර පරමාර්ථයෙන් කුළු ගැන්වෙන ටිකිරිකොටුව ගෙවතු ලක්ෂයක් බිහිකිරීමේ ජාතික මෙහෙවර ගම් නියම්ගම් සිසාර හමායන සෞභාග්‍යයයේ අඬහැරයයි.

වස විසෙන් තොර දේශයක් බිහිකිරීමට නිරන්තරයෙන් කැපවූ අතුරලියේ රතන හිමියන්ගේ වත්මන් අධිෂ්ඨානයෙ වායාමය ටිකිරිකොටුව ගෙවතු ලක්ෂයක් මව්බිමට උරුම කිරීම බවට පත්ව ඇත. අදීන ජාතියක්ව සිටි අප අද බෙලසුන් පිරිසක්ව දිනෙන් දින රෝගීභාවයට අත වනමින් සිටින්නෙමු. 


ඒ නොරටින් උරුම කළ ඊනියා කෘෂිකාර්මික උපදෙස්, රසානික පොහොර හා වල්නාශක භාවිතයයි. අප අද දැන දැනම වස විස බත්පතට එක්කර ගැන්මට තරම් අසරණව සිටිමු. එවන් රටක අනාගත පරපුර ගැන කවර අපේක්ෂාවක් අප සතුද..?

කවදත් මහපොළොව මත ප්‍රායෝගිකව සිටගත් රතන හිමියන් මෙවරද අනතුර දැක හැඳින එයට එරෙහි සංග්‍රාම භූමියේ පෙර ගමන් වඩිමින් සිටි. ටිකිරිකොටුව ගෙවතු වගා වායාමය වනාහි එහි එක් මුහුණුවරකි.  

නිවසෙ ඉවතලන දිරායන කසල භාවිතා කරමින් සකසාගන්නා කාබනික පොහොර භාවිතාකොට, එදිනෙදා පරිභෝජනයට අවශ්‍ය එළවළු, පලා වර්ග වවා ගැනීම මෙහිදී සිදුකෙරේ. 

වැඩිමිලට වස විස අඩංගු එළවළු පලාවර්ග මිලදී ගැනීම නතර කරගැනීම මෙන්ම අතිරික්තය මිලකර අමතර ආදයමක් උපයා ගැනීමටද මෙහෙදි අවස්ථාව උදාවේ.

වස විසෙන් තොර කාබනික ගෙවතු වගාවක් කෙරෙහි එකඟතාවයකට එළඹෙන ඔබට එ් සඳහා ලියාපදිංචි විය හැකි අතර, ටිකිරිකොටුව වගාබිම සකස් කර ගැනීමෙන් පසුව බීජ සහ පැළ නොමිළේ ලබා දීම අදියර කිහිපයක් යටතේ සිදුවෙයි. ලියාපදිංචි වීම සඳහා ඔබ විසින් සකසාගත් අයදුම්පතක් whatsapp,viber,email කිරිම ප්‍රමාණවත් වේ.

විමසීම් - 0113 637 600
WhatsApp - Viber - +94 75 324 0667
Email - wasavisanathiratak@gmail.com

අතනොපා අත පුරා මවබිමේ රන් අස්වනු නෙළන්නට, වස විසෙන් තොර දේශයක ස්ථිරසාර හෙටක් උදෙසා ටිකිරිකොටුව ගෙවතු වායාමය සමඟ අත්වැල් බැඳගන්න. ඒ ඔබගේ හෙට දවස උදෙසාය..














ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu