gossiplanka alexa පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම චෝදනාවට මෛත්‍රී, රනිල් අධිකරණයට කැඳවයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම චෝදනාවට මෛත්‍රී, රනිල් අධිකරණයට කැඳවයි

පාස්කු ඉරිදා සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර වැළැක්වීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා, හිටපු ආරක්ෂක ලේකම්වරයා, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු වගඋත්තරකාර පාර්ශවයන්ට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් 12ක් සැප්තැම්බර් මස 2, 3 සහ 4 යන දින වල විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (12) නියෝග කරනු ලැබුවා.

මෙම පෙත්සම් වල වගඋත්තරකරුවන් ලෙසට නම් කර ඇති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ යන අය වෙනුවෙන් නීතිපතිවරයා පෙනී නොසිටින බව මීට පෙර දැනුම් දුන් අතර මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන් අද දින පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා පවසා සිටියේ ඇතැම් පෙත්සම් වලට අදාළව තම සේවාදායකයාට මෙතෙක් නොතීසි ලැබී නොමැති බවයි.

ඒ අනුව මෙම පෙත්සම් වලට අදාළ නොතීසි අදාළ වග උත්තරකරුවන් වෙත මැයි මස 22 වෙනිදාට පෙර යැවීමට කටයුතු කරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා.

මෙම පෙත්සම් වලට එරෙහිව විරෝධතා ජූනි මස 16 වනදා වන විට ගොනු කරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය වග උත්තරකාර පාර්ශ්වයන්ට නියෝග කළ අතර ප්‍රතිවිරෝධතා ජූලි මස 16 දා ගොනු කිරීමට පෙත්සම්කරුවන්ට නියෝග කළා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) වගන්තියේ සදහන් මූලික අයිතිවාසිකම් බැලූ බැල්මට උල්ලංඝනය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය මීට පෙර තීරණය කළා.

මෙම පෙත්සම් අද දින විනිසුරු බුවනෙක අලුවිහාරේ, විනිසුරු එස්. තුරෙයිරාජා සහ විනිසුරු ගාමිණී අමරසේකර යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැදවනු ලැබුවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu