gossiplanka alexa අවුරුදු 28 අක්කා සහ ඇයගේ අවුරුදු 18 සැමියා එක්ව මරා දැමූ නංගිගේ ඛේදජනක කතාව

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අවුරුදු 28 අක්කා සහ ඇයගේ අවුරුදු 18 සැමියා එක්ව මරා දැමූ නංගිගේ ඛේදජනක කතාව

https://www.gossiplanka.com/2020/05/sister-killed.html
මිනිස්සුන්ගේ හිතේ ඇතිවන තෘෂ්ණාව නිසා බොහොමයක් වෙලාවට සහෝදරකම් පවා අමතක වෙනවා. එකිනෙකා ගහ මරා ගන්නවා. වැල්ලවාය ඌව කුඩාඔය පොලිස්බල ප්‍රදේශයේ තෙලුල්ල ජනපදයෙන් මේ වගේ ඉතාමත් ශෝකජනක පුවතක් වාර්තා වුණා. 

ඉඩමක් ලබාගන්න තියන තණ්හාවට අක්කා නංගිව මරා දමලා. අක්කගෙ වයස අවුරුදු 28 යි. අක්කාගේ සැමියා කියන පුද්ගලයාට වයස යන්තම් 18 වුණා පමණයි. මේ අක්කයි එයාගෙ සැමියයි දෙන්නා එකතු වෙලා තමයි තමන්ගේ නංගිව මේ විදියට මරණයට පත් කරලා තියෙන්නේ.

ඝාතනය වූ තරුණිය කිසියම් ‍රැකියා කටයුත්තකට යන්න මාර්ගයේ ගමන් කරමින් සිටිද්දි මේ කියන අක්කයි එයාගෙ සැමියයි නංගිව ඒ ළඟ තියන කැලෑවකට ඇදන් ගිහ්න් පොල්ලකින් ගහලා මරා දමා තිබෙනවා.

අවුරුදු 23ක් වන ජීවිතක්ෂයට පත් තරුණිය පසුගිය පස්වන දා සිට නිවසින් අතුරුදහන් වෙලා කියලා පොලීසියට ලැබුණු තොරතුරක් මත විමර්ශනය කරද්දි තමයි අක්කගෙ සැකකාර සැමියා හරහා මේ පිළිබඳව තොරතුරු දැනගන්න ලැබිලා තියෙන්නෙ.

ඝාතනය සිදුකල ප්‍රදේශය අත් අඩංගුවට ගත් සැකකාර තරුණයා විසින් අනාවරණය කිරීමත් සමඟම පොලීසිය ඒ ප්‍රදේශය සෝදිසි කිරීමේ දී අස්ථි කොටස් කිහිපයක්,හිස් කබල,ඇදුම් සහ බෑගයක් සොයා ගෙන තිබෙනවා. මෙම තරුණිය පදිංචිව සිටි නිවස සහ ඉඩම ලබා ගැනීමේ අරමුණින් මෙම ඝාතනය සිදු කළ බවයි සාක්ෂි සටහන් වී තිබෙන්නේ.

වයස අවුරුදු 28ක කාන්තාව සහ ඇයගේ සැමියා මෙම ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට අත් අඩංගුවට ගෙන තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu