gossiplanka alexa හමුදා අධීක්ෂණය යටතේ මුදල් ගෙවා හෝටල් තුළ නිරෝධායනය විය හැකි ක්‍රමයක් ඇරඹේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

හමුදා අධීක්ෂණය යටතේ මුදල් ගෙවා හෝටල් තුළ නිරෝධායනය විය හැකි ක්‍රමයක් ඇරඹේ

විදෙස් රටවල සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ලාංකික පුද්ගලයන්ට මුදල් ගෙවා නිරෝධායනය වීම සඳහා අවශ්‍ය පහසුකම් රජය ලබා දී ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

සියලුම හමුදා නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර ඇති බැවින් හමුදා කඳවුරු නිරෝධායන මධ්‍යස්ථාන ලෙස ඉදිකිරීමට අපහසු බැවින් මෙම තීරණය ගත් බවයි යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේ.

මේ අතර අද (03) දිනයේ බ්‍රිතාන්‍යයේ සිට ශ්‍රී ලාංකිකයන් 260ක් මෙරටට පැමිණීමට නියමිත බව යුද හමුදාපතිවරයා කියා සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ යුද හමුදාපතිවරයා,

" විදේස් ගතව සිට පැමිණෙන අය රජයෙන් ඉල්ලීම් කරලා තිබෙනවා මුදල් ගෙවා නිරෝධායනය වීමට පහසුකම් සපයලා දෙන්න කියලා. ඒ අනුවයි මේ ක්‍රියාවලිය ආරම්භ වන්නේ. මේ හෝටල් හිමියන් ලාභයක් බලාපොරොත්තුවෙන් නෙමෙයි මේ දේ සිදුකරන්නේ. හෝටල් කාමරය ඉදලා තුන්වේලට කෑම සහ තේ ඇතුළුව දවසකට රුපියල් 7500 ක මුදලක් අය කරන්නේ. සාමාන්‍යයෙන් මේ හෝටලයක කාමරයක් ඔවුන් සංචාරකයින්ට ලබා දෙන්න රු. 20,000 - 35,000 අතර මිලකට. මේක නිරෝධායන වැඩපිළිවලක් නිසා නිරෝධායනයට ලක්වෙන අයට පමණයි එන්න පුළුවන්. මේ හැම දෙයක්ම යුධ හමුදාවේ අධීක්ෂණය යටතේ සිදුකරන්නේ" හමුදාපතිවරයා ප්‍රකාශ කර සිටියා."
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu