gossiplanka alexa ත්‍රස්තවාදය පරදා අදට වසර 11 යි - දිවි පිදු රණවිරුවන් සැමරුම හෙට බත්තරමුල්ලේදී

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ත්‍රස්තවාදය පරදා අදට වසර 11 යි - දිවි පිදු රණවිරුවන් සැමරුම හෙට බත්තරමුල්ලේදී

30 වසරක රුඳුරු කොටි ත්‍රස්තවාදය ලක් පොළවෙන් සඳහටම තුරන් කර අද (18) වසර 11ක් සපිරෙනවා.

LTTE නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් 2009 වසරේ මැයි 18 වනදා මුලතිව් නන්දිකඩාල් කලපුව ආසන්නයේ දී යුද හමුදා වෙඩි ප්‍රහාරයකින් මියයාමෙන් අනතුරුව ත්‍රස්තවාදය නිමාවට පත්වීම ලෙස සැලකෙනවා.

මේ අතර ජාතික රණවිරු අනුස්මරණ දිනය හෙටට යෙදී ඇති අතර එහි ප්‍රධාන උත්සවය බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියසදී හෙට (19) ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

ත්‍රස්තවාදයේදී දිවි පිදු ත්‍රිවිධ හමුදාවේ සහ පොලිස්, සිවිල් ආරක්ෂක භටයන් ඇතුළු ආරක්ෂක අංශ සාමාජිකයන් 28619ක් මෙම අනුස්මරණය කිරීම මෙහිදී සිදුවන බවයි වාර්තා වන්නේ.

කොරෝනා වෛරසය හේතුවෙන් රට තුළ පවතින තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය උපදෙස්වලට ඊට අනුගත වෙමින් මෙවර විජයග්‍රහණය සැමරීමට නියමිත බවයි යුද හමුදාව සඳහන් කළේ.

ජාතික රණවිරු සමරුවට සමගාමීව ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලයන් 14617 හෙට දිනයේ දී උසස් වීම් පිරි නැමීමට නියමිතයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu