gossiplanka alexa කොරෝනා රෝගීන් ගණන 705 දක්වා ඉහළට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොරෝනා රෝගීන් ගණන 705 දක්වා ඉහළට

මෙරටින් වාර්තා වන කොරෝනා ආසාධිත රෝගීන් ගණන අද (03) දිනය වන 705ක් ලෙස වාර්තා වුණා.

ඒ අනුව අද උදෑසන 7 වන විට නව ආසාධිත රෝගීන් 15ක් හඳුනා ගත් අතර ඉන් 12 දෙනෙක් නාවික හමුදා සෙබළුන් බවයි වාර්තා වන්නේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කළේ මෙම නාවික සෙබළුන් අතරින් වැලිසර නාවික හමුදා කඳවුරේ සිට නැවත නිවෙස් වෙත ගොස් පැමිණි 10 දෙනෙක් සිටින බවත් අනෙක් දෙදෙනා කඳවුර තුලින් වාර්තා වූ බවයි.

ඊයේ (02) දිනයේ දී හඳුනාගත් අනෙක් රෝගීන් තිදෙනා නාවික හමුදාවේ සෙබළුන් සමඟ සමීප ඇසුරු කළ අය බවයි වාර්තා වන්නේ.

මේ වන විට නාවික හමුදාවේ සෙබළුන් සහ ඔවුන් ඇසුරු කළ 311 දෙනෙක්ට කොරෝනා වෛරසය වැළඳී තිබෙනවා.

රෝගීන් 526ක් රෝහල් වල තවදුරටත්ප්‍රතිකාර ලබන අතර තවත් මෙතෙක් කොරෝනා රෝගය වැළඳුනු බව තහවුරු නොවූ සැක සහිත රෝගීන් 179ක් ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

ඊයේ දිනය වන විට රෝගීන් 172ක් වෛරසය ආසාධනය වී සම්පුර්ණයෙන්ම සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu