gossiplanka alexa කොරෝනා වෛරසයෙන් මැරෙන්න ගිහින් පිය පදවිය ලැබූ බොරිස්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොරෝනා වෛරසයෙන් මැරෙන්න ගිහින් පිය පදවිය ලැබූ බොරිස්

බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් සහ ඔහුගේ සහකාරිය වන කෙරී සිමන්ඩ්ස් මේ දිනවල නිතර පුවත් මවන යුවළක් බවට පත්ව තිබේ.

පසුගිය දිනවල ඔවුන් ගැන විශාල මාධ්‍ය අවධානයක් යොමු වූයේ දෙදෙනාම කොරෝනා වයිරසයට ගොදුරු වීම නිසාය.

බොරිස් ජොන්සන්ට වයිරසය ආසාදනය වීමෙන් ඉතාම බරපතළ ලෙස රෝගී වූ අතර දින කිහිපයක් ලන්ඩනයේ රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබීමට පවා සිදු විය.

අගමැතිවරයාගේ ජීවිතයට අනතුරක් වනු ඇත්ද යන්න සම්බන්ධයෙන්ද ඒ දිනවල මහත් කුතුහලයක් සහ අවිනිශ්චිතතාවක් පැවති බව රහසක් නොවේ.

ඒ අතරම මාධ්‍ය වාර්තා කර සිටියේ ඔහුගේ සහකාරිය වන කෙරී සිමන්ඩ්ස්ගෙන්ද රෝග ලක්‍ෂණ පළවීමට පටන්ගෙන තිබූ බවයි.

නමුත් ඇයගේ තත්ත්වය එතරම් බරපතළ නොවූ අතර රෝහල්ගත කිරීමක්ද සිදු නොවීය. සතියක කාලයක් නිවසේ විවේක ගැනීමෙන් පසු ඇය සුවය ලැබුවාය.

නමුත් කෙරී රෝගී වීම ගැනද විශේෂ අවධානයක් යොමු වූයේ ඒ වනවිට ඇය ගැබිනියකව සිටි නිසාය.

මෙම හැලහැප්පීම්වලින් පසු දැන් ඔවුන් දෙදෙනා සම්බන්ධයෙන් වාර්තා වන්නේ සතුටුදායක පුවතකි. එනම්  බොරිස් සහ කෙරී මවුපියන් බවට පත්ව ඇති බවයි.

කෙරී සිමන්ඩ්ස් පිරිමි දරුවකු ප්‍රසූත කළ බව එරට මාධ්‍ය පසුගිය බදාදා (29දා) නිවේදනය කළේය. මේ අනුව පෙනී යන්නේ අගමැති පවුල තුළ මේ දිනවල අතිශය නාටකීය සිදුවීම් පෙළක් දිග හැරෙමින් ඇති බවකි.

කෙරී සිමන්ඩ්ස් දරුවා ප්‍රසූත කර තිබුණේ ලන්ඩනයේ රෝහලකයි. දරුවා මෙන්ම මවද ඉතා හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව පවුලේ ප්‍රකාශිකාවක මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබිණි.

කෙරීට දරුවා ලැබෙන අවස්ථාවේ බොරිස්ද ඇය අසල සිටි බැව් වාර්තා වෙයි.

මවුපියන් බවට පත්ව සිටියද පසුගිය කාලයේ බොරිස් සහ කෙරී සිටියේ අවිවාහකවය. අවිවාහක යුවළක ලෙස  බ්‍රිතාන්‍යයේ අගමැති නිල නිවසේ පදිංචියට ආ පළමු යුවළ ලෙසද ඔවුහු ඉතිහාසයට එක් වූහ.

මේ වනවිට 55 වැනි වියෙහි පසුවන බොරිස් 32 හැවිරිදි කෙරී සමඟ ජීවත් වීමට පටන් ගැනීමට පෙර තවත් විවාහයන් දෙකක් කරගෙන සිටියේය.

පසුගියදා ලැබුණු දරුවා බොරිස්ගේ සය වැනි දරුවායි. තුන්වැනි පුත්‍රයායි. නමුත් ඔහු කෙරීගේ පළමු දරුවා වෙයි.

බොරිස් මුලින්ම විවාහ වී සිටියේ ඇලිග්‍රා මොස්ටින්-ඕවන් නමැති කාන්තාවක සමඟයි. 1987 විවාහ වූ ඔවුහු 1993 වසරේ දික්කසාද වූහ.

එයින් මාස කිහිපයකට පසු බොරිස් මරීනා වීලර් නමැති කාන්තාවක සමඟ විවාහ වූයේය. 2018 වසර වනවිට එම විවාහයද අවසන් වෙමින් තිබූ අතර එම වසරේ ඔවුන් නිවේදනය කළේ තමුන් දැන් ටික කලෙක සිට එකිනෙකාගෙන් වෙන්ව වාසය කරන බවයි.

බොරිස් කෙරී සමඟ එකට ජීවත් වීමට පටන්ගෙන තිබුණේද 2018 වසරේ සිටය. 2020 පෙබරවාරි මාසයේ බොරිස් සහ මරීනා නීතියෙන් දික්කසාද වූහ. එයින් ටික දිනකට පසු බොරිස් සහ කෙරී මාධ්‍ය වෙත හෙළි කර සිටියේ තමුන් විවාහ ගිවිසගත් බවය.

කෙරී ගැබ්බරව සිටින බව පළමුවරට නිවේදනය කළේද එදාමය. බොරිස් සමඟ සම්බන්ධය පටන් ගැනීමට පෙර කෙරීද ජනමාධ්‍යවේදියකු වූ හැරී කෝල් සමඟ ආදර සම්බන්ධයක් පැවැත්වූවාය. මීට කලකට පෙර බොරිස් ලන්ඩනයේ නගරාධිපතිවරයා ලෙස  කටයුතු කළ අතර ඔහු සහ කෙරී මුල්වරට මුණ ගැසී තිබුණේ එම කාලයේයි.

බොරිස්ගේ කලින් දරුවන් පස් දෙනාගෙන් සිවු දෙනකුම ලැබුණේ මරීනා වීලර් සමඟ විවාහයෙනි. ඔවුන්ගේ වැඩිමල් දරුවා වන ලාරාගේ වයස මේ වනවිට අවුරුදු 27කි.

පස්වැනි දරුවාගේ මව හෙලන් මැසින්ටයර්ය. ඇය කලා උපදේශකවරියක බව සඳහන් වන අතර බොරිස් ඇය  සමඟ විවාහ වී නොසිටි බවද පැවසේ. දියණියක වන ඔවුන්ගේ දරුවා උපත ලබා ඇත්තේ 2009 වසරේය.

(මෑත ඉතිහාසය තුළ)  බ්‍රිතාන්‍යයේ අගමැති ධුරය දරමින් සිටියදී  පිය පදවිය ලැබූ තුන්වැන්නා බවට දැන් බොරිස් ජොන්සන් පත්ව සිටියි.

මෙයට කලින් එම අවස්ථාව හිමි කරගත්තේ ටෝනි බ්ලෙයාර් සහ ඩේවිඩ් කැමරන්ය. 2000 වසරේ ටෝනි බ්ලෙයාර්ගේ බිරිය චෙරී පුතකු (ලියෝ) ප්‍රසූත කළ අතර එයින් වසර 10කට පසු 2010 වසරේ ඩේවිඩ් කැමරන්ගේ බිරිය සමන්තා දියණියක (ෆ්ලොරන්ස්) බිහි කළාය.

මේ දෙදෙනාට පෙර බ්‍රිතාන්‍යයේ අගමැතිවරයකු සිය ධුරය දරමින් සිටියදී මේ ආකාරයෙන් පිය පදවිය ලබා තිබුණේ වසර 150 කට පමණ පෙර බව සඳහන් වේ.

බොරිස් සහ කෙරී දෙදෙනාට මුලින්ම සුබ පැතූ අය අතර ඩේවිඩ් කැමරන්ද විය. ‘මා සහ මගේ බිරිය ඔබ දෙදෙනා වෙනුවෙන් මහත් සතුටට පත් වෙමු. කොට් එක එහි තබා ඒමට නොහැකි වීම ගැන සමාවන්න.’ යනුවෙන් ඔහු සිය ට්විටර් පිටුවේ සටහන් කර තිබිණි.

ලොව රාජ්‍ය නායකයන් කිහිප දෙනෙකුම බොරිස් සහ කෙරී දෙදෙනාට සුබ පැතුම් පණිවුඩ එවා තිබෙනු දැකිය හැකි විය.

මෙයට ටික කලකට පෙර අගමැතිවරයා පවසා තිබුණේ කෙරීට දරුවා ලැබීමෙන් පසු තමා ටික දිනක් ඇයට සහාය වනු පිණිස පීතෘ නිවාඩු ලබා ගන්නා බවයි.

ලෝකයේ බොහෝ රටවල මාතෘ නිවාඩු මෙන්ම පීතෘ නිවාඩුද ලබා ගැනීමේ හැකියාව පවතින බව රහසක් නොවේ.

කෙසේ නමුත් අද වනවිට කොවිඩ් - 19 වසංගතය  බ්‍රිතාන්‍යය තුළ දරුණු ආකාරයෙන් පැතිරෙමින් ඇති පසුබිම තුළ අගමැතිවරයා ඒ ආකාරයෙන් නිවාඩු ගැනීමේ අදහස අත්හැර ඇති බව වාර්තා වෙයි.

පසුගිය දිනවල කොවිඩ් වැලඳීම නිසාද අගමැතිවරයාට සති කිහිපයක් නිවාඩු ලබා ගැනීමට සිදුවිය.

සනත් වික්‍රමගේ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu