gossiplanka alexa ඊයේ මියගිය කාන්තාවගේ සැමියා චූන් පාන් වෙළෙන්දෙක් බව හෙළි වෙයි - ආසාධනය වූ අයුරු පිළිබඳව මෙතෙක් අනාවරණය වී නැහැ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඊයේ මියගිය කාන්තාවගේ සැමියා චූන් පාන් වෙළෙන්දෙක් බව හෙළි වෙයි - ආසාධනය වූ අයුරු පිළිබඳව මෙතෙක් අනාවරණය වී නැහැ

කොරෝනා රෝගය ආසාධනය වී ඊයේ (05) දිනයේ මියගිය කාන්තාව මාසයක් පමණ කාලයක් අසනීප වී නිවසේ රැඳී සිට ඇති බව මේ වන විට වාර්තා වනවා.

ඒ අනුව එම කාන්තාව එලිහවුස් ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකින් අප්‍රේල් 26 වනදා ප්‍රතිකාර ලබාගෙන තිබෙනවා

කෙසේ වෙතත් රෝගී තත්වය උස්සන්න වීම හේතුවෙන් මැයි මස 2 වනදා කොළඹ ජාතික රෝහලට එම කාන්තාව ඇතුලත් කර ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී එම කාන්තාවගේ රෝග ලක්ෂණ කොරෝනා වෛරසයට සමාන වීම හේතුවෙන් වෛද්‍යවරුන් PCR පරීක්ෂණයකට යොමු කර ඇති අතර එහිදී හෙළිවී ඇත්තේ ඇයට කොරෝනා වැළඳී ඇති බවයි.

මේ වන තෙක් ඇයට වෛරසය ආසාධන වුයේ කෙසේ යන්න සම්බන්ධයෙන් තහවුරු වී නොමැති බවයි සෞඛ්‍ය අංශ නිලධාරීන් පවසන්නේ.

කෙසේ වෙතත් මෙම කාන්තාවගේ ස්වාමි පුරුෂයා එම ප්‍රදේශයේ ස්ථාන කිහිපයක ත්‍රිරෝද රථයකින් බේකරි නිෂ්පාදන අලෙවි කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ මෝදර මහජන පරික්ෂකවරයා,

"වෛරසයෙන් මියගිය කාන්තාව ප්‍රතිකාර ලැබූ පෞද්ගලික රෝහලේ කාර්ය මණ්ඩලයේ 11 දෙනෙක් මේ වන විට අපි හඳුනාගෙන තියෙනවා. ඒ පිරිස සහ අදාළ කාන්තාව ජිවත් වූ මහල් නිවාසය ආශ්‍රිතව අහඹු ලෙස පුද්ගලයින් ගේ PCR පරීක්ෂණ සිදු කරනවා. ඊයෙත් PCR පරීක්ෂණ 15 සිදු කළා ඒ වාර්තා අනුව ඉදිරි වැඩ සිදු කරන්න අපි හිතන් ඉන්නවා. මේ වෙනකොට ප්‍රදේශයක් හුඳකලා කරලා තියෙනවා.''
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu