gossiplanka alexa බලය අනිසි ලෙස යොදා ගත්තා නම් මම තනතුරට ආයුබෝවන් කියන්න සුදානම්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

බලය අනිසි ලෙස යොදා ගත්තා නම් මම තනතුරට ආයුබෝවන් කියන්න සුදානම්

සස් අධ්‍යාපන කටයුතු සඳහා විදේශගතව සිටින පුත්‍රයා ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට තමාගේ නිල බලතල භාවිතා කරමින් බලධාරීන් වෙත බලපෑම් කර ඇති බවට පලවන වාර්තා අසත්‍ය බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා.

ඔහු මේ සම්බන්ධයෙන් සවිස්තරාත්මක පැහැදිළි කිරීමක් සිය ෆේස්බුක් පිටුවේද සඳහන් කර තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා කියා සිටින්නේ නෙදර්ලන්තයේ ශිෂ්‍යත්වයක් මත මාස 18ක කාලයක් පශ්චාත් උපාධි පාඨමාලාවක් හදාරා එය මාර්තු මස අවසන් වූ පසු ගුවන් ගමන් අත්හිටුවීම නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිට අද (06) අළුයම බ්‍රිතාන්‍යයේ සිට පැමිණ ශ්‍රී ලංකන් ගුවන් යානයෙන් මෙරටට පැමිණි බවයි.

තවත් එක්දිනක් හෝ සිය පුතුට එංගලන්තයේ රැඳී සිටීමට සිදු වුවා නම් විසා සම්බන්ධයෙන් ඇතිවන ගැටළු අදාළ රටවල තානාපති කාර්යාලය සමඟ ද සාකච්ඡා කළ බවයි ඔහු සිය සටහනේ සඳහන් කර ඇත්තේ.

වැඩිදුරටත් අදහස් දක්වමින් සභාපතිවරයා කියා සිටින්නේ තමාට එරෙහිව මෙතරම් අභූත චෝදනා තමන්ගේම හිතවතෙකුගේ සහාය ඇතිව මෑතකාලිනව මාධ්‍ය හරහා ප්‍රචාරය වන අවස්ථාවේදී කණ්ඩායමක් සේ එකාවන්ව වැඩ කිරීමට නොහැකි බව දන්වා තමා සභාපති ධුරයෙන් ඉවත් වීම සම්බන්ධයෙන් යෝජනාවක් පසුගිය සතිය පුරා අනෙක් නිලධාරීන් වෙත සිදු කළ බවයි.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu