gossiplanka alexa පාසල් නැවත ඇරඹිය යුතු ආකාරය ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ චක්‍රලේඛයක් අද

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පාසල් නැවත ඇරඹිය යුතු ආකාරය ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ චක්‍රලේඛයක් අද

පාසල් නැවත ඇරඹීමේදී කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ දැනුම් දෙන උපදෙස් මාලාව ඇතුලත් චක්‍රලේඛය අද (11) දිනයේ නිකුත් කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

මේ වන විටත් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, සියලුම විදුහල්පතිවරුන් සහ පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත එම චක්‍රලේඛය නිකුත් කරන බවයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එන්.එච්.එම්. චිත්‍රානන්ද සඳහන් කළේ.

කොරෝනා වෛරසයෙන් ආරක්ෂා විම සඳහා පාසල් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සැලැස්මක් සකස් කරගන්නා ලෙසයි එම චක්‍රලේඛයෙන් දන්වා ඇත්තේ.

පාසල් යළි ආරම්භ කරන අවස්ථාවේදී සිසුන්ගේ දෙමාපියන්ගේ සහභාගිත්වය සහිතව එම සැලැස්ම සකසා ගත යුතු බවයි අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කරන්නේ.

අමාත්‍යාංශයේ ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේ සිසුන්ට ජලය ලබා ගැනීමට නළ මාර්ග, විෂබිජහරණය, පන්ති කාමරයේ සිටිය යුතු සිසුන් ගණන වැනි කරුණු අද නිකුත් කරන චක්‍රලේඛයේ සඳහන් වන බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu