gossiplanka alexa මාතර බන්ධනාගාරයේ සිටි සැකකරුවෙක් හදිසියේ මියයයි - මියයාමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මාතර බන්ධනාගාරයේ සිටි සැකකරුවෙක් හදිසියේ මියයයි - මියයාමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ

නඩත්තු නඩුවකට වරෙන්තු වී මාතර බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරුවෙක් අද (21) හදිසියේ මියගොස් තිබෙනවා.

ඔහු මාතර මහ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ මාතර නුපේ ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි දෙදරු පියෙක්.

සිය බිරිඳ විසින් ඔහුට විරුද්ධව වැලිසර උසාවියේ පවරා තිබු නඩත්තු නඩුවට නිසි පරිදි පෙනී නොසිටීම සහ නඩත්තු මුදල් නොගෙවීම හේතුවෙන් එම පුද්ගලයා වරෙන්තු නිකුත් කර තිබෙනවා.

ඉන්පසු එම පුද්ගලයා පසුගිය 15 වනදා මාතර මුලස්ථාන පොලීසිය සැකපිට අත්අඩංගුවට ගෙන මාතර අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඩ් භාරයට පත් කිරීමට කටයුතු කළ ඇති බවයි වාර්තා වන්නේ.

රිමාන්ඩ් බන්ධනාගාර ගත කළ එම පුද්ගලයා පසුව වැලිසර අධිකරණය හමුවේ ඉදිරිපත් කිරීමට නියමිතව සිටි අවස්ථාවේදීයි මෙලෙස හදිසියේ අසනීප වී ඇත්තේ.

බඩේ වේදනාවක් පවතින බව ඔහු ඊයේ (20) බන්ධනාගාර නිලධාරීන් වෙත දැනුම් දී ඇති අතර පසුව මාතර මහ රෝහලට ඇතුලත් කිරීමට කටයුතු කර තිබෙනවා.

කෙසේ වෙතත් ඔහු ප්‍රතිකාර ලබමින් සිටි අවස්ථාවේ හදිසියේ මියගොස් ඇති අතර ඔහුව මියයාමට පෙර PCR පරීක්ෂණයක් වෙතද යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය පුද්ගලයාගේ එම පරීක්ෂණ වාර්තා ලැබීමෙන් අනතුරුව මරණය පිළිබඳව මහේස්ත්‍රාත් පරීක්ෂණ අද (22) දිනයේ සිදු කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් මාතර මුලස්ථාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu