gossiplanka alexa හෝමාගම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකිරීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවයි?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

හෝමාගම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකිරීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවයි?

හෝමාගම ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිතව තිබු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් තාවකාලික අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

ඒ අද (21) දිනයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සමඟ පැවැති සාකච්ඡාවකින් අනතුරව මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ ක්‍රීඩාංගණය ඉදිකිරිම සම්බන්ධයෙන් පසුගිය දිනවල සමාජයේ දැඩි කතාබහක් සහ මාධ්‍ය තුලද විවේචන ඇති වීම හේතුවෙන් අග්‍රාමාත්‍යවරයා සාකච්ඡාවක් කැඳවීමට තීරණය කර තිබුණා.

මෙම සාකච්ඡාවට වත්මන් ක්‍රිකට් ක්‍රීඩකයන් සහ හිටපු ක්‍රීඩකයන් සහ ක්‍රිකට් ආයතනයේ නිලධාරින්ද එක්ව සිටියා.

ඒ අනුව මෙම සාකච්ඡාවේදී තීරණය කර ඇත්තේ පවතින සියලුම තත්ත්වයන් නිරීක්ෂණය කර අදාළ ක්‍රීඩාංගණයේ වැඩකටයුතු තාවකාලිකව අත්හිටුවිමටයි.

ඉදිකිරීමට යෝජිත ක්‍රීඩාංගණය පළමුව ජාතික මට්ටමට ඉදිකර පසුව එය ජාත්‍යන්තර මට්ටම් සහිත ක්‍රීඩාංගණයක් ලෙස පහසුකම් වැඩි දියුණු කිරීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

හෝමාගම ඉදිකිරීමට මෙම ක්‍රීඩාංගණය සඳහා කෝටි 800ක් මුදලක් ඇස්තමේන්තු ගත කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu