gossiplanka alexa මහ මැතිවරණය සම්බන්ධයෙන් පෙත්සම් 7ක් මේ මස 18 - 19 සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මහ මැතිවරණය සම්බන්ධයෙන් පෙත්සම් 7ක් මේ මස 18 - 19 සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි

හ මැතිවරණය ජුනි 20 වනදා පැවැත්වීමට නිකුත් කළ ගැසට් පත්‍රය අහෝසි කරන ලෙස ඉල්ලා ගොනු කළ මුලික අයිතිවාසිකම් පෙත්සම්වලදී මැතිවරණ කොමිසම හෝ එහි සාමාජිකයන් වෙනුවෙන් පෙනී සිටීමට තමාට නොහැකි බව නීතිපති දප්පුල ද ලිවේරා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත දැනුම් දී තිබෙනවා.

ඒ අගවිනිසුරු ජයන්ත ජයසුරිය ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල වෙතයි.

මෙම පෙත්සම නීතිඥ චරිත ගුණරත්න විසින් ගොනු කර ඇති බවයි වාර්තා වන්නේ.

පාර්ලිමේන්තු මැතිවරණය ජුනි 20 වනදා දක්වා කල් දැමීමට ගෙන ඇති තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි ප්‍රකාශ කරන ලෙස ඉල්ලා මේ වනවිට ගොණු කර ඇති පෙත්සම් සංඛ්‍යාව 12 ක්.

පෙත්සම්කරුවන් පෙන්වා දෙන්නේ වර්ථමාන තත්වය මත කොරෝනා වෛරසය දීප ව්‍යාප්තව පැතිරී ගොස් ඇති හෙයින් මෙවැනි අවස්ථාවක මහ මැතිවරණය පැවැත්වුවහොත් මහජනයාට නිදහසේ ඡන්දය ප්‍රකාශ කිරීමට හැකියාවක් නොමැති බවත් එමඟින් ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය උල්ලංඝනය වන බවයි.

ඒ අනුව පෙත්සම් ගොනු කළ පාර්ශවයන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ප්‍රකාශ කර ඇත්තේ ලබන මස 20 වනදා මහ මැතිවරණය පැවැත්වීමට කොමිසම ගෙන ඇති තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කර එය බල රහිත කරන ලෙසයි.

මේ අතර ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කර ඇති පෙත්සම් 07 වැඩිදුර කරුණු සලකා බැලීමට ලබන 18 සහ 19 යන දෙදින කැඳවීමට තීරණය කර තිබෙනවා.

එමෙන්ම මෙම පෙත්සම්වල අතරමැදි පාර්ශව ලෙස ඉදිරිපත් වන බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ඇතුළු කිහිපදෙනෙක් මේ වන විට දැනුම් දී ඇති බව අද අධිකරණයේදී අනාවරණය වුණා.

එහිදී තවත් පාර්ශව සිටී නම් හෙට (12) පස්වරු 3 ට පෙර දැනුම් දෙන ලෙසයි අධිකරණය දන්වා සිටියේ.

මේ අතර මුල් පෙත්සම ගොනු කළ නීතිඥ චරිත ගුණරත්න වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ එම්. ඒ සුමන්දිරන් අධිකරණයේ ඉල්ලා සිටියේ මෙය හදිසි සහ ජාතික වැදගත්කමක් ඇති කාරණයක් හේතුවෙන් කඩිනමින් විභාග කර අවසන් කරන ලෙසයි.

එහිදී පෙත්සම් සලකා බලා අවසන් වන තෙක් මැතිවරණය සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම වලක්වන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා තිබුණත් එය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව පෙත්සම් සියල්ල සලකා බලා සිය ස්ථාවරය අගවිනිසුරු ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ප්‍රකාශ කිරීමට නියමිතයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu