gossiplanka alexa යුරෝපයේ කුඩා දරුවන් අතර පැතිරී යන රෝගයක් ගැන මෙරට සෞඛ්‍ය බලධාරීන්ගේද අවධානය

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

යුරෝපයේ කුඩා දරුවන් අතර පැතිරී යන රෝගයක් ගැන මෙරට සෞඛ්‍ය බලධාරීන්ගේද අවධානය

යුරෝපයේ සහ බටහිර රටවල ළමුන් අතර පැතිරී ඇති කවසාකි රෝගය වැනි රෝගයක් පිළිබඳව ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය බලධාරීන් විසින් සමීපව අධීක්‍ෂණය කරමින් සිටින බව මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ශ්‍රී ලංකාවෙන් තවමත් එම රෝගය පිළිබඳව වාර්තා නොවූවද එම රෝගය ව්‍යාප්ත වීමේ රටාව පිළිබඳව සමීපව අධ්‍යයනය කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර සිටිනවා.

මීට වසර කිහිපයකට පෙර කවසාකි රෝගය ප්‍රථම වරට ජපානයෙන් වාර්තා වූ බවත් එතැන් සිට එය දරුණු වෛරස් රෝග වලින් පෙළෙන දරුවන්හට බෝ වන අයුරු නිරීක්ෂණය වී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් පවසන්නේ.

කොවිඩ් – 19 ආසාදනය වූ දරුවන්ට මෙම කවසාකි වැනි රෝග බලපාන බව වාර්තා වී ඇති නමුත් විද්‍යාඥයින් තවමත් මේ පිළිබඳව අධ්‍යයනය කරමින් සිටින බව වෛද්‍ය නිලධාරීන් පවසනවා.

ශ්‍රී ලංකාවද කොවිඩ් – 19 වසංගතය මධ්‍යයේ සිටින අතර මෙරට වෛද්‍යවරුන් ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සමඟ නිරන්තරයෙන් සම්බන්ධ වී සිටින අතර අනාගතයේ දී මෙවැනි සිද්ධියක් වාර්තා වුවහොත් මෙරට වෛද්‍යවරුන් හට ඊට ප්‍රතිකාර කිරීමට හොඳින්ම හැකියාවක් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

කෙසේ වෙතත්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිලධාරීන් අවධාරණය කළේ කොවිඩ් – 19 ආසාදනය වන ළමුන්ගෙන් බහුතරයකට මද ආසාදිත තත්වයක් ඇති වී ඉන්පසු පූර්ණ සුවය ලබන බවයි.

එමෙන්ම අමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නගර‍යේ ළමුන් 93දෙනෙකුට වැළඳුණු නව රෝගය හා කොවිඩ් – 19 වෛරසය අතර සබඳතාවක් පැවතිය හැකි බව වාර්තා වනවා.

මින් අවම වශයෙන් ළමුන් තිදෙනෙකු මියගොස් ඇති අතර තවත් මරණ 02ක් සම්බන්ධව විමර්ශන කටයුතු කෙරෙමින් පවතින බව ද සඳහන්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu