සෙසු දිස්ත්‍රික්ක සඳහා ලබන සෙනසුරාදා (16) රාත්‍රී 8.00 සිට අලුයම 5.00 දක්වා ඇඳිරි නීතිය බල පැවැත්වෙනු ඇති.
මැයි මස 17 වන ඉරිදා මුළු දිවයිනටම ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අතර කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර එම ඇඳිරි නීතිය මැයි 18 වන සඳුදා අලුයම 5.00 ලිහිල් කර මැයි මස 23 වන සෙනසුරාදා රාත්‍රී 8.00 සිට අලුයම 5.00 දක්වා පමණක් ක්‍රියාත්මක වනවා.
කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙහි ඇඳිරි නීතිය පවතින අවස්ථාවේදී ජන ජීවිතය සහ ආර්ථිකය ක්‍රියාකාරී මට්ටමේ තබා ගැනීම වෙනුවෙන් පසුගිය 11 වනදා ඇරඹි වැඩපිළිවෙල ලබන සෙනසුරාදා එනම් 16 වනදා අඛන්ඩව ක්‍රියාත්මක වන අතර එය මැයි මස 18 වන සඳුදා සිට නැවත ඉදිරියට පවත්වාගෙන යනු ලැබේ.
කෙසේ වෙතත් මිට පෙර නිවේදනවල නිකුත් කළ ඊට අදාළ කොන්දේසි නොවෙනස්ව පවතින බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් මිට පෙර නිවේදනවල නිකුත් කළ ඊට අදාළ කොන්දේසි නොවෙනස්ව පවතින බවයි වාර්තා වන්නේ.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjsVhC95mDnR1qGNZ8RAtYFuSEuSB2kEsy_aGHFDOGQgC4oawdUa7mSn4J7xeqPGzFXJ2z_MVv8AhWwcShcSS8iqZq5McVf7v1MCBAPTr_q-ldmEDNOTMYPwyNyyjBw96AqJxHkqP7vNSGx/s1600/download.png)