gossiplanka alexa මංගල සමරවිරටත් CIDයෙන් කැඳවීමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මංගල සමරවිරටත් CIDයෙන් කැඳවීමක්

හිටපු අමාත්‍ය මංගල සමරවීරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

අද (14) පස්වරු 2කට මෙලෙස ඔහුට පෙනී සිටින ලෙසයි දැනුම් දීමක් සිදු කර ඇත්තේ.

මේ අතර හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නගේ සුවදුක් විමසීමට පල්ලන්සේන විශෝධන මධ්‍යස්ථානය වෙත පැමිණීමට අවසර ලබා දෙන ලෙස සමඟි ජනබලවේගයේ නියෝජනය කරන හිටපු මන්ත්‍රීවරුන් කිහිපදෙනක් ඉල්ලීම් කර තිබෙනවා.

නමුත් පවතින තත්වය හමුවේ බන්ධනාගාර ගත වූ පුද්ගලයින් බැලීමට අමුත්තන් සඳහා අවසර නොදීම හේතුවෙන් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ.

ඊයේ දිනයේදී හිටපු අමාත්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.

එම නියෝගයෙන් පසු හිටපු අමාත්‍යවරයා මීගමුව පල්ලන්සේන තරුණ විශෝධන මධ්‍යස්ථානය වෙත රැගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඒ හිටපු අමාත්‍යවරයාගේ සෞඛ්‍ය තත්වය පරික්ෂා කිරීමෙන් අනතුරුවයි.

ඔහුට හෘද සැත්කමක් සිදු කර ඇති හේතුවෙන් හිටපු අමාත්‍යවරයා භාවිතා කළ ඖෂධ නිවෙසෙන් ගෙන්වා භාවිතා කරන ලෙස බන්ධනාගාර වෛද්‍යවරුන් නිර්දේශ කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu