gossiplanka alexa විජයග්‍රාහී පෙළපාලියේ පෙරහුරුවලට සහභාගී වූ නාවික හමුදා සෙබළුන් දෙදෙනාට කොරෝනා වැළඳුණු අයුරු තවමත් හිතා ගන්න බැහැ - නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

විජයග්‍රාහී පෙළපාලියේ පෙරහුරුවලට සහභාගී වූ නාවික හමුදා සෙබළුන් දෙදෙනාට කොරෝනා වැළඳුණු අයුරු තවමත් හිතා ගන්න බැහැ - නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක

සුගිය 11 වනදා විජයග්‍රාහී සැමරුමේ පෙළපාලියේ පෙරහුරු සඳහා සහභාගී වී සිටි කොරෝනා අසාධනය වූ බවට තහවුරු වූ නාවික හමුදා සෙබළුන් දෙදෙනාගේ දෙවන PCR පරීක්ෂණ වාර්තා මෙතෙක් ලැබී නොමැති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර පවසනවා.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ මෙම සෙබළුන් දෙදෙනා ඉකුත් අප්‍රේල් මාසයේ නිවාඩු ලබා ගොස් නැවත කඳවුරු වෙත කැඳවීමෙන් අනතුරුව පැමිණ ඇති බවත් මරදාන ප්‍රදේශයේ පිහිටි ස්ථානයක මාසයකට ආසන්න කාලයක් නිරෝධායනයට ලක් වූ අය බවයි.

ඉන්පසු ප්‍රථමයෙන් නිරෝධායනයට ලක්කළ පිරිස විජයග්‍රාහී සැමරුම් පෙළපාලියට අනුයුක්ත කිරීමට පෙර PCR පරීක්ෂණ වලට භාජනය කර තිබු අතර පසුව ඔවුන් දෙදෙනා කොරෝනා ආසාධිත බවට අනාවරණය වී තිබුණා.

කෙසේ වෙතත් අදාළ සෙබළුන් දෙදෙනා පුරා මාසයක කාලයක් නිරෝධායනයට ලක් කර පිටතට යා නොදී සමාජයට නිරාවරණය නොවී සිටි පසුබිමක කොරෝනා ආසාධිත වූ අයුරු සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රහේලිකාවක් බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ.

මේ හේතුවෙන් ඔවුන්ගේ ජෛව සාම්පල යළි වතාවක් PCR පරීක්ෂණයට යොමු කර ඇති බවත් අද (21) දිනය තුළදී එම වාර්තා ලැබෙනු ඇති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu