gossiplanka alexa රවිගේ දැන් මීටර් අවුට් බවට සමඟි ජන බලවේගය කියයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රවිගේ දැන් මීටර් අවුට් බවට සමඟි ජන බලවේගය කියයි

මඟි ජනබලවේගය විපක්ෂ නායක කාර්යාලය කටයුතු සඳහා භාවිතා කරන්නේ කුමන අරමුණකින්ද යන්න තමාට ගැටළුවක් පවතින බව එජාප උපනායක රවී කරුණානායක පවසනවා.

ඔහු චෝදනා කරන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති මෙවන් මොහොතක විපක්ෂ නායක කාර්යාලය භාවිතා කිරීම සමඟි ජන බලවේගයට අයිතියක් නොමැති බවයි.

මොවුන් මෙලෙස කටයුතු කරන්නේ භාරකාර ආණ්ඩුව හා ඩීල් එකක් පැවැතීම හේතුවෙන් බවයි එජාප උපනායකවරයා කියා සිටින්නේ.

මේ අතර රවී කරුණානායකගේ මෙම ප්‍රකාශයට සමඟි ජන බලවේගය ප්‍රතිචාර ද දක්වා තිබෙනවා.

එහිදී එම සන්ධානයේ ප්‍රකාශයෙක් කියා සිටියේ තම පාර්ශ්වය එහි කටයුතු කරන්නේ ඊට අදාළ කුලිය ගෙවමින් කටයුතු කරන බවයි.

ඔවුන් පෙන්වා දෙන්නේ හිටපු පක්ෂ නායකවරයෙක් වන රනිල් වික්‍රමසිංහ ඉතා දිගු කාලයක් විපක්ෂ නායකවරයා ලෙස කටයුතු කළ අතර පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයක් කැඳවූ අවස්ථාවලදී ද එජාප නායකයා මේ ආකාරයෙන් විපක්ෂ නායක කාර්යාලය භාවිතා කළ බවටයි.

ඒ සම්බන්ධයෙන් උප නායක රවී කරුණානායක හොඳින් දන්නා බවත් ඔහුට මේ වන විට එල්ල වී ඇති දුෂණ චෝදනා හමුවේ පක්ෂයේ උප නායකවරයාගේ සෞඛ්‍ය හේතු මත මීටර් අවුට් ස්වභාවයක් පෙන්නුම් කරන බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu