gossiplanka alexa රාජිත සේනාරත්න CID අත්අඩංගුවට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රාජිත සේනාරත්න CID අත්අඩංගුවට

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වීමෙන් අනතුරුවයි.

ගිය වසරේ පැවැති ජනාධිපතිවරණ සමයේ දී පැවැත්වූ ආන්දෝලනාත්මක සුදු වෑන් මාධ්‍ය හමුවේදී සිදු කළ පදනම් විරහිත චෝදනා එල්ල කිරීම සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැති නඩුවේදී දෙසැම්බර් 30 වනදා කළ හිටපු අමාත්‍යවරයාව ඇප මත නිදහස් කිරීමේ නියෝගය දෝෂ සහිත බව කොළඹ මහාධිකරණය අද ලබාදුන් නියෝගයත් සමඟ යළි හිටපු අමාත්‍යවරයා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබුණා.

ඒ අනුව හිටපු අමාත්‍යවරයා මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට භාර වී ඇති අතර පසුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් හමුවට ඔහු ඉදිරිපත් කිරීමට නියමිතයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu