gossiplanka alexa මෝදර මෙත්සඳ සෙවන මහල් නිවාසයේ කොටසක් හුඳකලා කෙරේ - 1200ක් නිරෝධායනයටත් යොමු කරයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මෝදර මෙත්සඳ සෙවන මහල් නිවාසයේ කොටසක් හුඳකලා කෙරේ - 1200ක් නිරෝධායනයටත් යොමු කරයි


කොළඹ 15 මෝදර මෙත්සඳ සෙවණ නිවාස සංකීර්ණයේ බී කොටස හුඳකලා කර නිවැසියන් 1200ක් පමණ ස්වයං නිරෝධායනය යොමු කර තිබෙනවා.

ඒ එම නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි 52 හැවිරිදි කාන්තාවක් කොරෝනා වෛරසය වැළඳී මියයාමත් සමඟ සෞඛ්‍ය අංශ මෙම තීරණය ගෙන ඇත්තේ.

මේ අතර එම නිවාස සංකීර්ණයේ කොරෝනා ආසාධිතව මියගිය 52 හැවිරිදි කාන්තාව ඇසුරු කළ පුද්ගලයින් PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමට අද නියමිතයි.

පළමු වටයේ දී මියගිය කාන්තාවගේ මුල් ආශ්‍රිතයන් 60 දෙනා පරීක්ෂණවලට ලක් කරන බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ.

මීට අමතරව රාජගිරිය සහ කොළොන්නාව ප්‍රදේශයෙන් හමුවූ රෝගීන් ද අද දිනයේ PCR පරීක්ෂණවලට යොමු කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකාවේ මේ වන විට PCR පරීක්ෂණ 29283 ක් සිදු කර ඇති අතර ඊයේ දිනය තුලදී පමණක් PCR පරීක්ෂණ 1396ක් සිදු කර තිබෙනවා.

මේ අතර ඊයේ දිනයේදී හමුවූ නව කොරෝනා ආසාධිතයන් 20 දෙනාගෙන් 15 දෙනෙක් නාවික හමුදා සෙබළුන් බව යුද හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

වෛරසය ආසාධිතව නාවික හමුදා සෙබළුන් සංඛ්‍යාව 348ක් වන අතර නාවික හමුදා සෙබළුන් ළඟින් ඇසුරු කළ රෝගය වැළඳුණු ගණන 24ක් ලෙසයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu