gossiplanka alexa හෝමාගම ක්‍රීඩාංගණයට දුන් ණය ගැන දැනුවත් නැහැ - ICC

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

හෝමාගම ක්‍රීඩාංගණයට දුන් ණය ගැන දැනුවත් නැහැ - ICC

මෙරිකානු ඩොලර් මිලියන 40ක වියදමින් හෝමාගම ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත මෙරට විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කිසිදු දැනුවත්භාවයක් නොමැති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මාධ්‍ය හා සන්නිවේදන කළමනාකරු රාජ්ශේකර් රාඕ පවසනවා.

ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අතර කිසිදු සාකච්ඡාවක් පවත්වා නොමැති බවයි ඔහු සඳහන් කරන්නේ.

එසේම මෙවැනි ව්‍යාපෘතියක් සඳහා අරමුදල් සැපයීමට අයිසීසීය පොරොන්දු වී නොමැති බව පෙන්වා දෙන ඔහු පවසා සිටින්නේ මෙම ක්‍රීඩාංගනය ඉදිකිරීමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් විමතියට පත්වන බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගියදා ප්‍රකාශ කළේ මෙම ක්‍රීඩාංගනය ඉදිකිරීම සඳහා රජයේ මුදල් කිසිවක් යොදා නොගන්නා බවයි.

එය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පෞද්ගලික ආයෝජනයක් ලෙස සිදුවන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ.

මේ අතර යටිතල පහසුකම් සංවර්ධනය වැදගත් වුවද පවතින තත්වය යටතේ හෝමාගම ක්‍රිකට් ක්‍රීඩාංගණය මෙම අවස්ථාවේ ප්‍රමුඛ කාර්යයක් නොවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

ට්විටර් පණිවිඩයක් තබමින් ඔහු පෙන්වා දෙන්නේ මේ සම්බන්ධයෙන් හිටපු ප්‍රවීණ ක්‍රීඩක මහේල ජයවර්ධන දක්වා ඇති අදහස්වල තර්කයක් ඇතැයි තමන්ද පිළිගන්නා බවයි.

එය ගැඹුරින් අවධානය යොමු කල යුතු බවයි නාමල් රාජපක්ෂ සඳහන් කරන්නේ.

අවසාන තීරණයක් ගැනීමට පෙර සියලු වගකිවයුතු පාර්ශව සමග සාකච්ඡා කර අදහස් විමසීම බළධාරීන්ගේ වගකීමක් විය යුතු බවද හිටපු මන්ත්‍රීවරයා නිකුත් කල ට්විටර් පණිවිඩයේ සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu