gossiplanka alexa ලබන වසරේ මැයි වන තෙක් කොරෝනා වෛරසයට එන්නතක් නොමැති වන ලකුණු

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ලබන වසරේ මැයි වන තෙක් කොරෝනා වෛරසයට එන්නතක් නොමැති වන ලකුණු

2021 වසරේ අප්‍රේල් හෝ මැයි දක්වා කොවිඩ්-19 ආසාදනය වැළැක්වීම සඳහා කිසියම් එන්නතක් ක්‍රියා කරනු ඇතිද යන්න නිශ්චිතව නොදන්නේ යැයි, නව කොරෝනා වෛරසයට එරෙහිව සායනික එන්නත් අත්හදා බැලීම් අධීක්ෂණය කරන ප්‍රධාන පර්යේෂකයෙකු අවධාරණය කරයි.

වෛද්‍ය මාර්ක් මුලිගන් සඳහන් කළේ එන්නතක් සංවර්ධනය කිරීම සඳහා වසරක කාලයක් යනු අතිශය දැවෙන හෙවත් වේගවත් ක්‍රියාවලියක් බවයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ සාමාන්‍යයෙන් වසර කිහිපයකින් සිදුකරන පර්යේෂණ මේ වනවිට මාස කිහිපයකින් සිදුකිරීමට පර්යේෂකයන් උත්සාහ කරමින් සිටින බවයි.

ඇමෙරිකාවේ නිව්යෝක් නගරය කේන්ද්‍ර කරගත් එරට ප්‍රමුඛතම වෛද්‍ය අධ්‍යයන ආයතනයක් වන NYU ලැන්ගෝන් හෙල්ත් හි එන්නත් මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරන වෛද්‍ය මාර්ක් මුලිගන්, මෙම එන්නත් සංවර්ධනය කිරීම සඳහා පීෆයිසර් ඉන්කෝපරේෂන් සහ බයෝඑන්ටෙක් සමග කටයුතු කරයි.

ඇමෙරිකාවේ කොරෝන වෛරසය සඳහා එන්නත් පරීක්ෂණයකට රෝගීන් ඇතුළත් කළ පළමු වැනි මධ්‍යස්ථාන වූයේ NYU ග්‍රොස්මන් වෛද්‍ය විද්‍යාලය සහ මේරිලන්ඩ් විශ්ව විද්‍යාලයයි. අධ්‍යයන සහභාගිවන්නන්ට මෙම සතියේ එන්නත ලබාදී තිබූ අතර, පීෆයිසර් සහ බයෝඑන්ටෙක් ජර්මනියේද එවැනිම අත්හදා බැලීමක් දියත් කර තිබුණි.

"මෙවැනි අත්හදා බැලීමක පළමු අදියර වන්නේ එය ආරක්ෂිතද යන්න තීරණය කිරීමයි. සාමාන්‍යයෙන් මේ සඳහා මාස තුනක් හෝ හතරක් ගත වෙනවා." වෛද්‍ය මුලිගන් පැවසීය.

"මෙහි වඩාත් වැදගත් පළමු ප්‍රශ්නය වන්නේ එයයි. ඒ අනුව අදාළ එන්නත සඳහා ශරීරය හොඳින් ඉවසා තිබේද යන්නත්, එම පළමු මාස තුන හතරට පසුව එය ආරක්ෂිත විය හැකි ප්‍රතිදේහ ප්‍රතිචාරයක් නිපදවන්නේද යන්නත් අපට දැනගැනීමට හැකි වෙනවා."

"අනතුරුව එම එන්නත මගින් ඔබව ආරක්ෂා කරන්නේද යන පැනය ඊළඟට යොමු වෙනවා. ඒ සඳහා තවත් මාස කිහිපයක් ගතවනු ඇති. ඒ නිසා මම හිතන්නේ අපට නිශ්චිත පිළිතුරක් ලැබිම වසර අවසානය හෝ බොහෝවිට ඊළඟ වසරේ (2021) මුලදී කතා කිරීමට හැකි වේවි" වෛද්‍ය මුලිගන් වැඩිදුරටත් පැවසීය.

උපුටා ගැනීම අද පුවත් වෙබ් අඩවිය
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu